lan englan tam

O Oපේ

ජනප්‍රිය නිවේදිකා තනූජා ජයවර්ධන “මහරාණි කුමාරතුංග” ලෙස පුංචි තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් සහ නිවේදිකාවක් වන තනූජා ජයවර්ධන නවතම ටෙලි නාට්‍ය නිර්මාණයක් සදහා රංගනයෙන් එක්වී තිබෙනවා.

518245047 1274914760669462 4980757278576963972 n

 

‘මහාරාණි’ ලෙස නම් කොට ඇති මෙම ටෙලි නාට්‍ය නිර්මාණය හරහා තනූජා ජයවර්ධන ‘මහරාණී කුමාරතුංග’ නම් චරිතයෙන් රංගනයට එක්වන අතර සිය මියගිය දියණිය වෙනුවෙන් සත්‍ය සොයා යන මවකගේ චරිතය නිරූපණය කරනවා.

මීට පෙර ද  තනුජා ජයවර්ධන “පොදු” වැනි ටෙලි නිර්මාණ සඳහා රංගනයෙන් දායක වී තිබුණ ද  ඇය මෙවැනි ප්‍රධාන චරිතයක් සදහා රංගනයෙන් එක් වන ප්‍රථම අවස්ථාව මෙයයි.

“මහාරණි” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ විශ්ව ලංකා පන්ඩිතරත්න විසින් වන අතර එළඹෙන සදුඳා සිට සතියේ දින වල රාත්‍රී 9.30 TV දෙරණ නාළිකාව හරහා මෙම ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.

කොටස් 60 කින් සමන්විත මෙම ටෙලි නිර්මාණය ත්‍රාසය, කුතුහලය පිරි ටෙලි නාටය නිර්මාණයක්.

පහතින් දැක්වෙන්නේ ටෙලි නාට්‍යයේ හඳුන්වාදීමේ ප්‍රචාරක පටයයි.

(ඡායාරූප උපුටා ගැනීම "Thanuja Jayawardana" ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom