lan englan tam

O Oපේ

‘දෙවෙනි ඉනිම’ අවසන් කරන දිනය සමන් එදිරිමුණි කියයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන “දෙවෙනි ඉනිම” ඉදිරි මාස දෙක, තුන ඇතුළත අවසන් කරන බව එහි තිර පිටපත් රචක සමන් එදිරිමුණි පවසනවා.

"දෙවෙනි ඉනිම නම් අපි නවත්තනවා තව මාස දෙකකින්, තුනකින් විතර. ඒක සමහරුන්ට සතුටුදායක ආරංචියක් වෙයි..." - සමන් එදිරිමුණි

ඔහු මේ අදහස් පළ කළේ  ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහිදී, 'දෙවෙනි ඉනිම' නාට්‍යය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ‘දෙවෙනි ඉනිම’ අයත් වන්නේ ලොකයේ පවතින 'සෝප් ඔපෙරා' (soap opera) නම් ශානරයට බවයි.

එය නිශ්චිත ආරම්භයකින් පටන්ගත්ත ද නිශ්චිත අවසානයක් නොමැති කලාවක් වන බව ද, එහි තිබෙන්නේ කතාවකට වඩා චරිත වල දෛනික ජීවිතයේ සිදුවීම් බවයි ඔහු සදහන් කළේ.

දෙවෙනි ඉණිම 2017 වර්ෂයේදී විකාශය කිරීම ආරම්භ වූ අතර මේ වන විට මෙරට වැඩිම කාලයක් අඛණ්ඩව විකාශය වු ටෙලි නිර්මාණ අතරට එක්වේ.

සමන් එදිරිමුණි සහභාගී වූ අදාළ වැඩසටහ නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom