lan englan tam

O Oපේ

කටකතා අවසන්, රශ්මිකා - විජේ යුවළ විවාහය තහවුරු කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ඉන්දීය නළු - නිළි දෙපළක් වන විජේ දේවරකොන්ඩාසහ රශ්මිකා මන්දනා ඔවුන්ගේ වසර 08 කට ආසන්න කාලයක් රහසිගතව පැවති ආදර සම්බන්ධය පිළිබඳව ප්‍රසිද්ධ කරමින්, තමන්ගේ විවාහය ගැන නිළ වශයෙන් තහවුරු කරලා තියෙනවා.

වාර්තා වෙන විදිහට එළඹෙන 26 වෙනිදා ඉන්දියාවේ (Udaipur) හීදී ඔවුන් විවාහ වීමට නියමිතයි.

 

Vijay Deverakonda and Rashmika Mandanna Confirm Wedding 

විජේ සහ රශ්මිකා තම ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් හරහා හෙළි කළේ තම විවාහය නිල වශයෙන් "The Wedding of VIROSH" ලෙස නම් කර ඇති බවයි. මෙම නාමය, මීට වසර කිහිපයකට පෙර  (විජේ - රශ්මිකා) නම් දෙක එකතුකරමින් සිය රසිකයන් විසින් ආදරයෙන් තැබූ නමක් බවයි ඔවුන් පවසන්නේ.

විජේ සහ රශ්මිකා තැබූ සටහනක මෙසේ සඳහන් විය:

"අපගේ ආදරණීයයිනි, අප කිසිදු සැලසුමක් කිරීමට පෙර, අප වෙනුවෙන් කිසිවක් තෝරා ගැනීමටත් පෙර, ඔබ සැමවිටම එහි සිටියා. ඔබ අපට මහත් ආදරයෙන් නමක් ලබා දුන්නා. ඔබ අපව 'VIROSH' ලෙස හැඳින්වූවා. එබැවින් අද අපගේ එක්වීම ඔබ වෙනුවෙන් උපහාරයක් ලෙස නම් කරනවා. අපි එය 'The Wedding of VIROSH' ලෙස නම් කිරීමට කැමතියි. අපට මෙතරම් ආදරය ලබා දීම ගැන ඔබට ස්තුතියි. ඔබ සැමවිටම අපේම කොටසක්. සැමට ලොකු වැළඳගැනීමක් සහ අපගේ ආදරය!"

 

7f08eis vijay 625x300 22 February 26

 

විජයි දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දන්නා ප්‍රථම වරට එකට රංගනයෙන් දායක වූයේ 2018 වසරේ තිරගත වූ "Geetha Govindam" නම් තෙළිඟු චිත්‍රපටයෙනි. එහි ඔවුන්ගේ රංගන සුසංයෝගය රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, පසුව 2019 වසරේදී "Dear Comrade" චිත්‍රපටය සඳහාද ඔවුන් නැවත එක් විය.

වසර ගණනාවක් පුරා ඔවුන්ගේ ආදර සම්බන්ධය ගැන විවිධ කට කතා පැතිර ගිය අතර, රසිකයන් ඔවුන්ගේ නිවාඩු නිකේතනවල ඡායාරූප සහ ප්‍රසිද්ධ අවස්ථාවන්හි පෙනී සිටීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසු උනා.

කොහොම උනත් මේ හැම අවස්ථාවකම ඔවුන් පැවසුවේ තමන් "හොඳ මිතුරන්" පමණක් බවයි. නමුත් රසිකයන් තුළින් නම් මේ සැකය කවදාවත් පහව ගියේ නෑ.

මේ වෙන කොට විජේ දේවරකොන්ඩා "Ranabaali" ඇතුළු ඉදිරි තෙළිඟු සිනමා ව්‍යාපෘති කිහිපයකට සූදානම් වෙමින් සිටිනවා.ඒ වගේම රශ්මිකා තෙළිගු මෙන්ම හිංදි සිනමාවේත් කාර්ය බහුල නිළියක් විදිහට කටයුතු කරන අතර, අවසන් වරට ඇය රංගනයෙන් දායක වූ හින්දි චිත්‍රපටය වන්නේ ආයුෂ්මාන් කුරානා සමඟ රඟපෑ "Thamma" චිත්‍රපටයයි.

මූලාශ්‍රය - 'Times of India'

kemadasa

shungara

Back to top
Go to bottom