lan englan tam

O Oපේ

තලපති ව්ජේගේ බිරිඳ දික්කසාදය ඉල්ලයි: අනියම් ඇසුරක් ගැන චෝදනා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රකට දකුණු ඉන්දීය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන තලපති විජේ සහ ඔහුගේ බිරිඳ දික්කසාද වීමට සැරසෙන බව ඉන්දීය මාධ්‍ය තුළින් වාර්තා වෙනවා.

මේ වන විට තලපති විජේගේ, බිරිඳ වන සංගීතා සෝමලිංගම් දික්කසාදය ඉල්ලා චෙංගල්පට්ටු අධිකරණයට පෙත්සමක් ද ගොනු කර තිබෙන අතර, විජේ විසින් වෙනත් නිළියක සමඟ පවත්වන අනියම් සබඳතාවක් හේතුවෙන් තමා දැඩි මානසික පීඩාවකට සහ නොසලකා හැරීමට ලක් වූ බව ඇය එහි සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙම විවාහය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට බිඳ වැටී ඇති බැවින්, 1954 විශේෂ විවාහ පනත යටතේ දික්කසාදය ලබා දෙන ලෙසයි ඇය ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත්, තම පවුලේ පෞද්ගලිකත්වය සහ දරුවන්ගේ මානසික සුවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම නඩු විභාගය අප්‍රසිද්ධියේ පවත්වන ලෙසත් (in-camera), සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු ප්‍රචාරය කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සංගීතා සෝමලිංගම් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

මෙම පෙත්සම සම්බන්ධ පළමු විභාගය ලබන අප්‍රේල් 20වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

විජේගේ බිරිඳ වන සංගීතා සෝමලිංගම් එංගලන්තයේ ජීවත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දමිළ කාන්තාවක් වන අතර, ඔවුන් විවාහ වූයේ 1999 වසරේදීයි. ඔවුන් පුත්‍රයෙකු හා දියණියකගේ දෙමවුපියන් වෙනවා.

තලපති විජේ සිය දශක තුනක සිනමා දිවිය "තලපති" නමින් දැවැන්ත ප්‍රතිරූපයක් දිනාගනිමින් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් නළුවෙකු වුවද සිය පෞද්ගලික ජීවිතය අප්‍රසිද්ධියේ තබාගත් අයෙකු ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම තලපති විජේ නුදුරේදී පැවැත්වෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට සිය තම්ලාහ වෙට්රි කලහම් පක්ෂයෙන් තරග කිරීමට ද සූදානමින් පසුවෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom