“හැරී පෝටර්” චිත්‍රපටයේ තරුව සුප්‍රකට හොලිවුඩ් නිළි එමා වොට්සන් ගැන ඇසෙන අලුත්ම ආරංචියක් තමයි මේ,
ඒ ඇය නැවතත් බිලියනපති මෙක්සිකානු ව්‍යාපාරිකයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් කියන එක.
මේ විදිහට එමා ආදරයක පැටලිලා තියෙන්නේ ගොන්සාලෝ හේවියා බයිලෙරෙස් (Gonzalo Hevia Bailleres) නම් අතිශයින් ධනවත් මෙක්සිකානු ජාතික ව්‍යාපාරිකයෙක් සමග කියලා තමයි සදහන් වෙන්නේ.
ඉතින්, එමා සහ ඇගේ නව පෙම්වතා එකට සිටින ඡායාරූප කිහිපයකුත් මේ වෙන කොට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.

ඔවුන් දෙදෙනා මෙක්සිකෝ නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටින අතර තුර ලබාගෙන තියෙන මේ ඡායාරූප පෙළ ‘Quien’ කියන මෙක්සිකානු සඟරාව හරහා ප්‍රසිද්ධියට පත් කරලත් තිබුණා.

මේ ඡායාරූපවල ඔවුන් දෙදෙනා මෙක්සිකෝවේ සුපිරි අවන්හලකදී රාත්‍රී භෝජන සංග්‍රහ භුක්ති විඳින අයුරු සහ ගුවන් තොටුපළේදී ඉතා සමීපව හැසිරෙන ආකාරය දැකගන්න පුළුවන්.

පසුගිය වසරේ ඉදන් මේ සම්බන්ධය ගැන විවිධ කට කතා පැතිර ගියත් ඒවා හරියටම තහවුරු කරළා තිබුනේ නෑ. කොහොම උනත් මේ ආරංචියත් එක්ක මේ කටකතා සැබෑවක් වෙන බව තමයි බොහෝ දෙනා පවසන්නේ.
එමා වොටසන්ගේ පෙම්වතා බව කියන හේවියා බයිලෙරෙස් ඇමරිකානු ඩොලර් බිලියන 6.65 කට වඩා වැඩි ශුද්ධ වත්කමක් ඇති, එරට සිව්වන ධනවත්ම පවුලක උරුමක්කාරයෙකු ලෙසයි සැලකෙන්නේ. ඔහු මීට පෙර ජනප්‍රිය මෙක්සිකානු ගායිකාවක සහ නිළියක වන බෙලින්ඩා (Belinda) සමඟ සබඳතාවක් පැවැත්වූ බවත් සදහන් වෙනවා. නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු එය තහවුරු කරලා තිබුණේ නෑ.
අනෙක් අතට, එමා වොට්සන් ද වසර ගණනාවක් පුරා නළුවන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා තිබෙනවා. ඇය අවසන් වරට ප්‍රේම සබඳතාවක් පැවැත්වූයේ ඇගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පන්ති සගයෙකු වූ කීරාන් බ්‍රවුන් (Kieran Brown) සමඟයි. වාර්තාවලට අනුව ඔවුන් 2024 වසරේදී පෙම්වතුන් ලෙස සිටි නමුත් වසරක් ඇතුළත එම සබඳතාව නිමාවට පත් විය.
මූලාශ්‍ර - tmz, times of india




