lan englan tam

O Oපේ

ඉන්දීය අගමැති හමුවූ virosh යුවළගේ වයිරල් වූ ඡායාරූප මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් දෙපළක් වන විජේ දේවරකොන්ඩා හා රශ්මිකා මන්දනා විවාහ දිවියට එළඹුනේ පසුගිය(26) වෙනිදායි.

ඒ ඉන්දියාවේ උදායිපූර් හීදී සාම්ප්‍රදායික තෙළිඟු හා කොඩවා චාරිත්‍රානුකූලවයි පැවැත්වුණු මංගල උත්සවයේදීයි.

එදින ඔවුන් දෙපළගේ විවාහයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිත් සුබ පැතුම් පණිවිඩයක් එක් කරලා තිබුණා.

ඒ වගේම විවාහ උත්සවයෙන් අනතුරුව සමාජ මාධ්‍ය හරහා නිකුත් කරලා තිබුන ඔවුන්ගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූප රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් උනේ සමාජ මාධ්‍ය කළඹමින්.

 

VIJAY RASHMIKA WEDDING W

 

ඉතින්, මේ විවාහ ඡායාරූප එකතුව ගැන වගේම මේ වෙන කොට ප්‍රේක්ෂක අවධානය යොමුව තිබෙන තවත් ඡායාරූප පෙළක් තමයි විජේ -රශ්මිකා යුවල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවක් දැක්වෙන ඡායාරූප එකතුව.

 

641514500 1474921567332803 2129793983450479237 n 1

 

NDTV පුවත් සේවය වාර්තා කරන ආකාරයට මේ හමුවීම සිදුවෙලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 21 වනදා. එනම් ඔවුන්ගේ විවාහයට පෙරයි.

මෙම යුවළ අගමැතිවරයා හමුවී ඇත්තේ සිය විවාහ මංගල්‍යයට සහ මාර්තු 4 වනදා හයිද්‍රාබාද්හි පැවැත්වෙන මංගල සාදය (Reception) සඳහා ඔහුට ආරාධනා කිරීම සදහායි.

කෙසේ වෙතත් මේ ඡායාරූප අන්තර් ජාලයේ වයිරල් වෙලා තියෙන්නේ විවාහයෙන් දවස් තුනකට පසුවයි.

පහතින් දැක්වෙන්නේ VIROSH යුවළ ඉන්දීය අගමැති හමුවූ එම අවස්ථාවේ තවත් ඡායාරූප කිහිපයක්.

 

641371460 1474921560666137 6438987691642765824 n

638641777 1474921287332831 3110065456427070938 n

643438970 1474921237332836 1606420862540258114 n

 

kemadasa

shungara

Back to top
Go to bottom