රංගන ශිල්පී සංජය ලීලාරත්නගේ කිරුළපන පොල්හේන්ගොඩ නිවසේ නවතා තිබු ඔහුගේ ජීප් රථය අලුයම හදිසියේ ගිනිගෙන තිබෙනවා.
අලුයම 3 ට පමණ සිද්ධිය වු බවයි සංජය ලීලාරත්න පවසා ඇත්තේ.
මෙය කෙසේ සිදුවුනිදැයි තමන් නොදන්නා බව ද ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
පොලිසිය පැවසුවේ රස පරීක්ෂකවරයාගේ වාර්තා අනුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.
මෙය ගිනි තැබීමක් ද ගිනි ගැනීමක් ද යන්න තවම නිශ්චිත නැහැ.
කෙසේවෙතත් වාහනයේ විදුලි කාන්දුවක් මීට බලපා ඇතැයි ද සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.