බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ගේ බිරිඳ ගෞරි කාන් විසින් සංවිධානය කළ සාදයකට ඔවුන්ගේ දියණිය සුහානා කාන් පැමිණ සිටි ආකාරය කාගේත් අවධානයට ලක් වුණා.
ඒ ඇය ඇඳ සිටි සරාගී ඇඳුම නිසා.
ගෞරි මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඇය විසින් සැලසුම් කරන ලද මුම්බායි හි පිහිටි ආර්ත් ආපන ශාලාවක විවෘත කිරීමට සමගාමීවයි.
මේ සඳහා බොලිවුඩ් නළු නිලියන් කිහිපදෙනකුම සහභාගී වී සිටියා.
අනිල් කපූර්, අර්ජුන් කපූර්, සොනම් කපුර්, කරන් ජොහාර්, ෆාරා කාන්, සිද්ධාර්ත් මල්හෝත්රා, ආලියා බාත්, ජැකලින් ෆර්නැන්ඩස් සහ මලයිකා අරෝරා උත්සවයට පැමිණි පිරිස අතර වනවා.
කොහොම නමුත් ශාරුක් කාන් සිය දියණිය හා සාදයට පිවිසෙනවාත් සමඟ සියලු දෙනාගේ අවධානය ඔවුන් දෙදෙනා වෙතට යොමු වුණා.
තැඹිලි පැහැ කෙටි ගවුමකින් සැරසී සිටි සුහානා ඉතා සතුටින් ඡායාරූප වෙත පෙනී සිටියා.
ශාරුක් ගෞරි යුවලගේ වැඩිමහල් පුත් ආර්යන් මේ සාදයට එක් වී සිටියේ නැහැ.