සරාගී බොලිවුඩ් නිළි කත්රිනා කායිෆ් මිට වසර 15 කට පමණ පෙර, ඇය නිරූපිකාවක වශයෙන් කටයුතු කරන අවදියේදී ලිබියානු ආඥාදායක මුහම්මර් ගඩාෆි සමඟ ගත් ඡායාරූපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.
එම ඡායාරූපයේම පෙනී සිටින ශමිතා සිංහා විසින් මෙම ඡායාරූපය සමාජ ජාලයක පළ කර තිබුණි.
සුප්රකට අදිති ගොවිත්රිකාර් සහ නේහා දුපියා ද කත්රිනා කායිෆ් සමඟ මෙහි පෙනී සිටියි.
පෞද්ගලික විලාසිතා දැක්මක් සඳහා ලිබියාවට ගිය අවස්ථාවක ඡායාරූපය ලබා ගෙන ඇත.
ඉතාමත් තරුණ අවදියේ පසු වූ කත්රිනා තුලින් දිස්වන්නේ අහිංසක පෙනුමක් බව ප්රේක්ෂකයෝ පවසති.