සුප්රකට ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන මැඩෝනාගේ පෞද්ගලික භාණ්ඩ එකතුවක වෙන්දේසියක් නවත්වා දැමීමට එරට අධිකරණයක් පියවර ගෙන ඇත.
ඒ සිය පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව පවසමින් මැඩෝනා ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවය.
නඩු විභාගය සැප්තැම්බර් 6 වෙනිදා දක්වා කල් තැබුණු අතර Gotta Have Rock and Roll නම් වෙන්දේසි ආයතනය වසා දැමීමටත් නඩු දින වනතෙක් අලෙවි කටයුතු නොකරන ලෙසට නියෝග ලබා දී තිබේ.
වෙන්දේසි කිරීමට නියමිතව තිබූ භාණ්ඩ ලැයිස්තුවට මැඩෝනාගේ යට ඇඳුම්, චෙක් පොතක්, පනාවක්, ඡායාරූප සහ රැප් ගායක ටුපක් ශාකුර්ගෙන් වෙන්වීමේ ලිපියක් ඇතුලත් වී තිබුණි.
තමන්ට අයිතිව තිබූ මෙම භාණ්ඩ සිය පැරණි මිතුරකු විසින් සොරා ගෙන ඇති බව පොප් ගායිකාව පවසයි.