සුප්‍රකට ඇමරිකානු ගායිකා රිහානා කියන්නේ නිතරම පුවත් මවන චරිතයක්.
පසුගිය සඳුදා බාර්බඩෝස්හි පැවති උත්සවයකට සහභාගී වීමේදී ඇය හැඳ සිටි ඇඳුම පිළිබඳ නොයෙකුත් විවේචන සමාජජාලා මාධ්‍ය ඔස්සේ ඉතා සිඝ්‍රයෙන් පැතිර ගියා.
29 හැවිරිදි ඇය විසින් ඉන්ස්ටර්ග්‍රෑම් හි පල කර තිබු ඡායාරූප නිසා තමයි මේ විදියේ විවේචන ඇයට එල්ල වී තිබුනේ.
විසිතුරු ද්‍රව්‍ය අල්ලා ඇති හරිත සහ රෝස පැහැයෙන් යුත් සිරුරෙහි සුළු ප්‍රමාණයක් ආවරණය කරන ඇඟළුමක් ඇඳි ඇගේ කෙස් කළඹට ද එක් කර තිබුනේ හරිත වර්ණයක්.
ඇය දුටු පමණින් ෆැන්ටසි සිනමාපටයක් සිහිවෙනවා කියලා කියන්නත් පුළුවන්.