‘යේ හේ මොහබතීන්’ (මේ ආදරයයී) කතා මාලාවේ ප්‍රධාන චරිතයක් වන ඉෂිතාට පණ පොවන දිව්‍යංකා ත්‍රිපාටි , ඉන්දීය නිදහස් දිනයේදී සිදු කළ සුවිශේෂී ප්‍රකාශයක් පිළිබඳව අපට වාර්තා වුණා.
එහිදී ඇය පවසා සිටින්නේ නිදහස් දිනයේදී වයස අවුරුදු 12 ක කුඩා දැරියක් දුෂණයට ලක් වීමේ සිදු විම නිසා දියණියකට උපත දීමට තමන් බිය වන බවයි.
“කාන්තාවන් මේ රටට අනවශ්‍ය අංගයක් යැයි සිතනවානම් කිසිදු පක්ෂයකට ඡන්දය දීම නතර කළ යුතුයි” යනුවෙන් ඇය පවසා තිබේ.
කුඩා දැරිය දුෂණයට ලක්ව ඇත්තේ සිය පාසල් නිදහස් දින සමුරුවෙන් පසු නිවසට පැමිණෙන අතරතුරදීය.