සුප්‍රකට ඇමරිකානු ගායිකා සහ ගීත රචිකාවක වන ටේලර් ස්විෆ්ට් වසර තුනකට පසු නිකුත් කිරීමට සුදානම් වන ඇගේ නවතම ගීත ඇල්බමය පිළිබඳ අපිට වාර්තා වුනා.
“රෙපියුටේෂන්” නමින් නම් කර ඇති 6 වැනි ගීත එකතුව එළැඹෙන නොවැම්බර් 10 වැනිදා එලි දැක්වීමට නියමිතයි.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අපුරු හඳුන්වා දීමක් කරන්නට ඇය අමතක කර තිබුනේ නැහැ.
මිට සතියකට පමණ පෙර සියලුම සමාජ මාධ්‍ය වලින් අතුරුදහන් වන ටේලර් එකවරම මෙම සතියේ මුලදී සර්පයකුගේ වලිගය දැක්වෙන වීඩියෝවක් පල කරමින් නැවත එහි ක්‍රියාකාරී වීමට පටන් ගන්නවා.
ඒ සමඟම තමයි ටේලර්ගේ නවතම ගීත එකතුව ගැන ආරංචියත් ඇය ගෙන එන්නේ.
මින් පෙර එලි දැක්වුණු ඇගේ පස්වැනි ඇල්බමය 1989 ලෙස නම් කෙරුණා.
එය ඇමරිකා එක්සත් ජනපදය තුල පිටපත් මිලියන 6 කට අධික සංඛ්‍යාවක් අලෙවි වූ බව වාර්තා වනවා. එසේම එක්සත් රාජධානිය තුල පිටපත් මිලියනයකට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණා.