සංගීත ක්ෂේත්රය තුල චන්දන ලියනාරච්චි නම් කලාකරුවාගේ ගීත අත්කරගත් ජනප්‍රියත්වය තවමත් ඒ අයුරින්ම රඳා පවතින බව අප කවුරුත් දන්නා දෙයක්.
දීර්ඝ කාලයක් නිහඬව සිටි ඔහු මේ වනවිට නවතම කර්තව්‍යක් සිදු කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අලුත්ම වෙනස පිළිබඳව චන්දන මේ අයුරින් සිය අදහස් ප්‍රකාශ කළා,
“මම අන්තිමට ගීත ඇල්බමයක් එලි දැක්වුයේ 2004 වසරේදීයි. ගොඩක් අය එක ගීතයක් හරි දෙකක් හරි කරලා එකට රූප රචනාවක් නිර්මාණය කරලා රසිකයන්ට අහන්න දෙනවා ගීත ඇල්බම කරන්නේ නැහැ. නමුත්, මට හිතුනා යම් වෙනසක් කළොත් හොඳයි කියලා. ඒ නිසා ගී ඇල්බමයක් නිකුත් කිරීම වගේම මගේම සංගීත ප්‍රසංගයක් පවත්වන්න දැනට සැලසුම් කරලා තියනවා.
ගීත නිර්මාණ එලි දක්වන දිනය නම් ප්‍රකාශ කරන්න අපහසුයි. මොකද, මේ ඇල්බමයට ඇතුලත් කරන්න හොඳ නිර්මාණ තවමත් සොයමින් සිටිනවා. ප්‍රවීන මෙන්ම තරුණ පිරිස් ද ඇල්බමයට අවශ්‍ය ගීත නිර්මාණ සඳහා දායකත්වය ලබා දෙනවා. දැනටමත් ගීත බොහෝ ප්‍රමාණයක් ලැබිලා තියනවා. ඒ අතුරින් හොඳ නිර්මාණ 16 ක් තමයි ඇල්බමය සඳහා යොදා ගන්න සැලසුම් කරලා තියෙන්නේ,”