බොලිවුඩ් රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා සිය කාලයෙන් වැඩි වේලාවක් හොලිවුඩයේ ගත කරන බව අපි සැවොම දන්නා කරුණක්.
එහිදී ඇයට ලැබී ඇති අවස්ථා ද බොහොමයකි.
පසුගියදා ඇයට තවත් එවැනිම අවස්ථාවක් හිමි විය.
ඒ ඇමරිකාවේ පැවැත්වුණු 69 වැනි එමි සම්මාන රාත්‍රියේ සම්මාන ලාභියකුගේ නාමයක් ප්‍රකාශ කිරීමට ය.
තමන් ප්‍රේක්ෂිකාවක් ලෙස එම උළෙලට සහභාගී වුනත් ලැබුණු අවස්ථාව කෙරෙහි මහත් සතුටට පත්වන බව ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.