සුප්‍රකට ඇමරිකානු “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” කතාවේ පෙම්වතුන් ලෙස රංගන දායකත්වය ලබා දෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කිට් හැරීන්ටන් සහ රෝස් ලෙස්ලි යුවල විවාහ ගිවිසගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
හොලිවුඩය පුරා පැතිර ගිය අනුමාන රැසකට පසු ඔවුන්ගේ විවාහය පිළිබඳ නිල නිවේදනය පසුගියදා ටයිම්ස් පුවත් පතෙහි පල කර තිබේ.
ෆැන්ටසි ටීවී සිරිස් එකක් ලෙසින් ලොව පුරා ජනාදරයට පාත්‍ර වුනු Game Of Thrones හි ජෝන් ස්නෝ සහ යිග්‍රිට් ගේ චරිතයට පණ පෙවූ යුවල එකිනෙකා මුණගැසී තිබුනේ 2012 වසරේදීය. එනම් මෙම කතා මාලාවේ රුගත කිරීම් අතරතුරේදීය.
තිර රචනයට අනුව යිග්රිට්ගේ චරිතය මින් වසර දෙකකට ඉහතදී ටෙලියෙන් ඉවත් වුව ද ජෝන් ස්නෝ ගේ චරිතය Game Of Thrones හි 7 වැනි මාලාව දක්වා අඛණ්ඩව පැමිණියේ විශාල ජනප්‍රියත්වයක් ද එක් කරගනිමිනි.
රෝස් සමඟ ආදරයෙන් බැඳෙන්න ඉතා පහසු බව කිට් මිට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණි.
එසේම ටෙලියේ වඩාත් සුන්දර මතකය වන්නේ එහි දෙවැනි මාලාව සඳහා 2012 වසරේදී අයිස්ලන්තයේ ගතකල සති තුනක කාලය බවත් ඔහු පවසා ඇත.
“ඒ මොකද කියනවනම් රට ඉතාම සුන්දරයි, උත්තර එලි ඉතාම මායාකාරීයි ඒවගේම මම ආදරයෙන් බැඳුණේ එහිදීයි,”
Game Of Thrones හි අවසන් කතා මාලාව එනම් 8 වැන්නෙහි රූගත කිරීම් මේ වනවිට ආරම්භ කර ඇත.