බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනි අයිශ්වර්යා බච්චන් සිය දියණිය ආරධ්‍යා සමඟ දුර්ගා පුජාවට සහභාගී වී සිටින අයුරු පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
කාර් හි පැවැත්වුණු මෙම පුජාව සඳහා අම්මයි දුවයි දෙදෙනාම සහභාගී වුනේ රෝස පැහැයෙන් යුත් සරල ඇඳුමින් සැරසිලා.
අයිශ්වර්යා මෙන්ම ඇගේ දියණිය ද මේ වනවිට ඉන්දියාව තුල මහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින බව නොරහසක්.
ඇය සිය දියණිය ඕනෑවටත් වඩා ආරක්ෂා කරන බවට ද කටකතා පැතිරී තිබුණා.
කෙසේ වෙතත් රංගන ශිල්පිනිය නම් පවසන්නේ සිය දියණිය ආරක්ෂා කිරීම ඕනෑවට වඩා සිදු නොකරන බවයි.