ජැකලින් ෆර්නැන්ඩිස් සහ අර්ජුන් රම්පාල් ප්රධාන චරිත රඟපෑ ‘රෝයි’ චිත්රපටය තිරගත වුණේ 2015 දී.
නමුත් සිනමාපටයට බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් අත්කරගන්න නොහැකි වුණා.
කොහොම නමුත් ඇය අර්ජුන් සමඟ යලි රඟ නොපාන බවට තීරණය ගෙන ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග මින් පෙර වාර්තා කර තිබුණා.
මෙය ඇගේ වෘත්තීය ජීවිතයට අයත් තීරණයක් යැයි බොහෝ දෙනෙක් මත පල කළ ද එය එසේ නොවන වග ජැකලීන්ගේ හැසිරීම් වලින් තහවුරු වී තිබෙනවා.
මේ බව වඩාත් හොඳින් තහවුරු වී තිබුනේ පසුගියදා ඉන්දියාවේ පැවති ප්රදර්ශනයකදී යි.
ප්රදර්ශනය සඳහා මේ දෙපලටම ආරාධනා ලැබී තිබුනත් අර්ජුන් එහි පැමිණ සිටින අයුරු දුටු ජැකලින් ප්රදර්ශන භූමියට ඇතුල් වීම ප්රතික්ෂේප කර තිබුණා.
අර්ජුන් රාම්පාල් එතනින් ඉවත්ව ගිය පසුවයි ඇය ප්රදර්ශනය නැරඹීම සඳහා එක් වී ඇත්තේ.