සෝනියා දිසානායක ගේ දියණිය වූ හර්ෂණී දිසානායක ඔස්ටේරලියාවේ සිට ලංකාවට පැමිණියේ සිය මවගේ හදිසි හෘදයාබාධය සැළවීමත් සමගිනි. ඇය සිය මවගේ රෝහල් ගාස්තු ගෙවා සිය මව රෝහලෙන් නිවසට කැඳවාගෙන පැමිණියේ සිත තුළ උපන් දැඩි කළකිරීමකිනි. මේ පිළිබඳව ඇයට අපට යමක් පවසන්නට ඇති බව දැණුම් දුන් පසු මිරර් ආර්ට්ස් සෝනියාගේ දියණිය මුණගැසෙන්නට ගියේ ඇයට කියන්නට ඇති දේ පිළිබඳව විමසීමටය.
ඇය මෙසේ පවසයි.
"මගේ අම්මයි සුනිල් ටී ප්රනාන්දුයි එකට එකතුවෙලා තමයි චිත්‍රපට නිෂ්පාදනය කළේ .ඒ දෙන්න එකතුවෙලා හම්බකරපු හැම දේම දෙන්න අතර සම සමව බෙදෙන්න ඔිනෙ. නමුත් එයා හැම තැනම කියනවා එයා අයියටයි මටයි අච්චර මෙච්චර උදව්කරා කියලා.එයා දේවල් කරේ අපෙ අම්මගෙ ෂෙයාර් එකෙන්. මගෙ අම්මගෙන් හැමදේම සුනිල්ටී අරගෙන අම්මව අසරණ තත්ත්වෙකට පත් කරලා එයා අද දියණු වෙලා ඉන්නවා...එයා කියනවා අපි අම්මට සළකන්නෙ නැහැ කියලා.අපි අම්මට ආදරෙයි. අම්මා ලංකාවට ආවෙ එයාගෙ ගෙදර වෙනුවෙන් තියෙන නඩුවට. අම්මා අපිත් එක්ක සතුටෙන් ඉන්නවා. නමුත් සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයා අපි ගැන තැන තැන විවිධ දේ කිය කිය යනවා.
එයා අපිට උදව් කරලා නැහැ කියන්නෙ නැහැ. උදව් කරලා තියෙනවා. ඒ නිසා තමා මේ තරම් කාලයක් මම නිහඩව සිටියෙ ඊට කෘතගුණයක් ලෙසින්. නමුත් මෙවර අම්මාගේ හිදිසි අසනීප තත්ත්වය සමග ඔහු විසින් ප්‍රකාශ කරන ලද බොහෝ දේවල් අම්මගෙත් මගෙත් හිත රිදවන කාරනා බවට පත්වුනා. සුනිල් ටී මුළු ලෝ්කෙටම පෙන්වන්නේ මගෙ අම්මට යුතුකම් ඉටු කරලා එයා අයින්වුනා කියලා. ඒක හරිම බොරු. සුනිල් ටී අම්මගෙන් ගන්න ඔිනෙ දේ හොඳට අරන් තමයි අද එයා ඔය තැන ඉන්නෙ. සුනිල් ටී මගෙ අම්මව හොඳටම අසරණ කළා.මගෙ අම්මා නැතිනම් අද එයා ඔතන නැහැ. එයා අපෙ අම්මා එක්ක අවුරුදු 17ක් එකට ජීවත්වුනා.මම අවුරුදු ගානක් ඉවසලයි අද මේ ප්‍රථම වතාවට මේ ප්‍රසිද්ධියේ කියන්නෙ."
සෝනියාගේ දියණිය මිරර් ආර්ට්ස් වෙත හෙලිදරව් කළ දේ බොහෝය.අප ඒ සියළු දේ පළකිරීමෙන් වැලකී සිටින්නෙමු. දියණියකට සිය මව පිළිබඳව ඇති ආදරය තුළ මවට සිදුවූ අසාධාරණකම් කෙනෙහිළි කම් ඉවසා සිටීමට නොහැකිවීම පුදුමයක් නොවේ. දියණියකට අම්මාගේ අගය මිළ කළ නොහැකිය.
සෝනියා දිසානායක මිරර් ආර්ටස් වෙත සිය ජීවිතයේ කිසි දිනක හෙලි නොකරන ලද සත්‍ය හෙළි කරන ලදී. අපි ඇයගේ ජීවිතය පිළිබඳ නුදුරේදීම සටහන් තබන්නෙමු.