මේ රටේ ජනතාව මාධ්‍ය තුළින් කොයිතරම් නරක විදිහට රවට්ටනවාද සහ ඔවුන්ගේ මානුෂීය සංවේදීතාවන් ට බලපෑම් ඇතිකරනු ලබනවාද යන්නට හොඳම උදාහරණ ධම්මික පැණියෙන් සහ දෙවෙනි ඉනිමෙන් පැහැදිලිව පෙනේ. ජනතාවගේ සංඛ්‍යාත අයිතිය බාවිතා කරමින් ජනතාව මේ ආකාරයෙන් මුලාවට පත්කිරීම ශිෂ්ට සම්පන්න මාධ්‍ය වගකීම නොවේ.
නමුත් බොහෝ රූපවාහිනී මාධ්‍ය ආයතන කරනු ලබන්නේම ජනතාවගේ අයිතිවාසිකම් කොල්ල කා මුදල් උපයා ගනිමින් ජනතාවම ගොනාට ඇන්දවීමකි.
ජනතාව ද වගවිභාගයකින් තොරව මාධ්‍ය විසින් වපුරනු ලබන මිත්‍යාව සහ බොරුව තුළ ට ආකර්ශණය වී මංමුලාව සිටිති. විචාරශීලීව තර්කානුකූලව සිතන්නට හිතන්නේවත් නැත.
ඒ නිසා ම අවුරුදු ගණනාවක් පුරා දෙවැනි ඉනිමට රැවටුන ජනතාව ධම්මකි පැණිය ට ත් රැවටෙමින් සිටී .එමෙන්ම දෙවෙනි ඉනිමට තව දුරටත් රැවටෙමින් සිටිනු ඇත.
මේ වනවිට දෙවෙනි ඉනිම වැල යන අතට මැස්ස ගසමින් තිබේ. අංජුලා රාජපක්ෂ මවක් වීමට ආසන්නව සිටින නිසා ඇයට අවශ්‍ය මාස කිහිපයක නිවාඩුව ලබදෙන්නට සිදුව ඇති බැවින් දෙවෙනි ඉනිමේ කතාවේ අංජුලාගේ චරිතය වූ අමීෂා රෝගී කර තිබේ.ඇයගේ අසනීපය නිසා ඇයව විශාල පරිවර්ථනකට ලක්කර තිබේ.
පේ්රක්ෂකයින් ගොනාට අන්දමින් සතියේ දින පහේම විකාශය වන දෙවැනි ඉනිමේ රචකයා ට සිදුව තිබෙන්නේ වැල යන අතට මැස්ස ගැසීමේ ටෙලි නාට්‍ය රචනා කරන්නටය.
නළු නිළියන් ට විවිධ වැඩ වැටෙන විට කතාව තුළ ඔවුන් සගවා තබයි. පැහැරගෙන යනු ලබයි රෝහල් ගත කරයි. පිටරට යවයි.ලංකාවේ මෙවැනි දීර්ඝ ටෙලි නාට්‍ය සැළසුම් සහගත ලෙස නිර්මාණය වන්නක් නොවන බැවින් එන එන විදහට උලුඅස්ස ගසන ක්‍රමය සහ වැල යන අතට මැස්ස ගහන ක්රමයේද හොඳම උදාහරණයය.
අමීෂා වෛරක්කාරී ලෙස පළිගනිමින් සිටි අනුහස්ගේ මව සමග සාමදානවී ඇත්තේ අමීෂාගේ මාරාන්තික පනහට පනහේ රෝගය නිසාය.දෙව්මී සමග ද ඇය නුදුරේම ඒ වෛරය අත්හරිනු නිසැකය.ඒවා පොසිටිව් තින්කින්ය. එහෙමවීම අපේ වගේ රටක සමාජයකට හොඳය. වෛරයෙන් වෛරය නොසන් සිඳේ.
දෙවෙනි ඉනිම නරඹන පේ්රක්ෂකයන්ට පාඩමක් උගන්වා තිබේ. මාරාන්තික පනහට පනහේ රෝග සෑදෙන විට වෛර බැඳීමෙන් මිදී මෙත් සිත් පතුරවන්නට යැයි අමීෂා විසින් දෙන ලද ආදර්ශයයි.මේ ආදර්ශය රටේ නායකයන්ට ද හරිම වැදගත්ය. පන්සිය නමක් වඩමවා මහා දානයක් දී බණක් කියනවාටත් වඩා එක් රැයකින් ලෝකය පුරා සිටිනා ලාංකියින්ට අපූරු පාඩමක් උගන්වා දී තිබේ.
පවතින ක්‍රමය තුළ දෙවැනි ඉනිම දෙවැනි නොවන්නේ ධම්මික පැණි පෝරාජෙක්ට් එකටය.කෙසේවුවත් අංජුලා රාජපක්ෂ ඔබ මවක් වීමේ සතුටට භාග්‍යට අපි සුබ පතන්නෙමු.
පේ්රක්ෂකයින් දිගටම දෙවෙනි ඉනිම නරඹනු ඇත.
යූටියුබයේ දෙවැනි ඉනිම නැරඹූ පේ්රක්ෂකයින් ගේ කොමෙන්ට්ස් දුටුවිට බහුතරයක් පේ්රක්ෂකයින්ගේ සතුට කුමක්ද යන්න වටහා ගත හැක.
සාරා-Sara sam