lan englan tam

O Oපේ

ගෙස්ට් හවුස් යන්න කතා කරන අධ්‍යක්ෂවරයෙක් ගැන මල්කි කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇගේ නම මල්කි නතාෂි. වෘත්තියෙන් ඇය රංගන ශිල්පිණියක්. කෝපි කඩේ, මොනර කිරිල්ලී, මේඝා ආදී ටෙලි සිතුවම් ඔස්සේ විවිධ චරිත මැවූ මල්කි ඇතැම් නව පරපුරේ නිළියන් වගේ නිතර දෙවේලේ දකින රංගන ශිල්පිණියක් නෙවෙයි. 

මල්කි තෝරා බේරාගෙන රංගන කටයුතුවල නියැලෙන්නියක් බවයි ඇය පවසන්නේ

ඇය සරසවිය පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී  ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අධ්‍යක්ෂවරුන්ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. 

‘බහුතරයක් හොඳ උදවිය. නමුත් ඒ අතර ඇතැම් අධ්‍යක්ෂවරු ඉන්නවා ඒ අය අධ්‍යක්ෂවරු ද කියලා හිතෙන. නිර්මාණයක් ගැන කතා කරන්න එන්න කියන්නේ ගෙස්ට් හවුස්වලට. ලැජ්ජයි. ඉතින් එහෙම කතා කරපු එක් අධ්‍යක්ෂවරයකුට මගේ වයසේ මිනිපිරියො ඉන්නවා. 

දුකේ බැහැ ඒවා මතක් වෙද්දී. නමුත් අපි දැනගන්න ඕනෑ ඒ ඒ අයට ඒ ඒ විදිහට ෆේස් කරලා ලිස්සලා යන්න. මම නම් එහෙම තමයි කරන්නේ.’

ඡායා -මාලන් කරුණාරත්න

Back to top
Go to bottom

Popular News