ප්‍රකට මෝස්තර සහ විලාසිතා නිර්මාණ ශිල්පිනි කේට් ස්පේඩ් නිව්යෝක් නුවර පිහිටි ඇගේ නවාතැන තුලදී මියගොස් තිබේ.
මියයන විට කේට් 55 හැවිරිදි වියේ පසුවිය.
ඇගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක පළ කරයි.
විලාසිතා සඟරාවක් වන “මැද්මොසෙල්” හි සංස්කාරකවරියක් වශයෙන්ද කේට් කලක් සේවය කර ඇත.
කේට් ස්පේඩ් අත්බෑග් ව්‍යාපාරයේ සම-නිර්මාතෘ වන ඇය 1993 දී එය ආරම්භ කරන්නේ සිය ස්වාමි පුරුෂයා වන ඇන්ඩි ස්පේඩ් සමඟය.
ඇගේ අකල් මරණය පිළිබඳ විලාසිතා ලෝකයේ බොහොමයක් පිරිස සිය ශෝකය පළ කර තිබේ.