ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පී කාල් ලැගර්ෆෙල්ඩ් දිවියෙන් සමුගනියි
ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පී කාල් ලැගර්ෆෙල්ඩ් ප්‍රංශයේ පැරිස් නුවර දී අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 85 වැනි වියේ පසුවූ ඔහු ජර්මානු ජාතිකයෙ කි.
Chanel සහ Fendi වැනි සුප්‍රකට විලාසිතා සමාගම් හි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ කාල් දිවියෙන් සමුගන්නා තෙක්ම නිර්මාණකරණයේ නියැලුණි.
එසේම ඔහු සිය වෙළඳ නාමය සඳහා ද විලාසිතා නිර්මාණය කළේ ය.
සති ගණනක් අසනීප තත්වයේ පසුවූ නිසා කාල් ලැගර්ෆෙල්ඩ්ට ප්‍රධාන පෙලේ මෝස්තර දැක්මවල් ගණනාවකට සහභාගී වීමට නොහැකි වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් විලාසිතා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ශෝකය පළ කර තිබේ.