ඇමරිකානු රූ රැජින තරග ඉතිහාසය වෙනස් කරමින් චෙස්ලි ක්‍රිස්ට් Miss USA කිරුළ දිනයි
ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වනු ලබන ප්‍රධාන රූ රැජින තරගාවලි තුනක ජය කෙහෙළි නැංවීමට කළු ජාතික කාන්තාවන් තිදෙනෙක් ඉතිහාසයේ පළමු වතාවට සමත් වී තිබෙනවා.
ඒ 2019 Miss USA කිරුළ පසුගිය බ්‍රහස්පතින්දා (02) චෙස්ලි ක්රිස්ට්ට හිමි වීමත් සමඟින්.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නීතිවේදිනියක ලෙස කටයුතු කරන චෙල්සි මේ ඉතිහාසගත වාර්තාව සම්පුර්ණ කරන ලද්දේ සෙසු තරගාවලි ජයග්‍රාහිකාවන් වන 2019 Miss America නියා ෆ්රැන්ක්ලින් සහ 2019 Miss Teen USA කලී ගැරිස් සමඟිනි.
නිව්යෝක් නුවර නියෝජනය කළ නියා ෆ්රැන්ක්ලින් පසුගිය වසරේ සැප්තැම්බර් මස දී 2019 Miss America කිරුළ තමන් සතු කරගත් අතර නිව් හෙවන් නියෝජනය කළ කලී ගැරිස් අප්‍රේල් මසදී 2019 Miss Teen USA කිරුළ ජයගත්තා ය.
ඉහත තරග ත්‍රිත්වයෙන් පැරණිම එනම්, 1921 දී ආරම්භ වූ Miss America තරගය සඳහා 1940 දක්වා කළු ජාතික තරගකාරියන්ට සහභාගී වීම අවහිර කර තිබුණි. ඒ තරගකාරියන් “සුදු ජාතිකයින් වීම අනිවාර්ය වේ” යන නීතිය යටතේ ය. Miss America තරගය සඳහා එක් වූ පළමු කළු ජාතික කාන්තාව වන්නේ ෂෙරිල් බ්‍රවුන් ය. ඒ 1970 දී යි.
එතැන් පටන් මේ දක්වා කළු ජාතික කතුන් විශාල පිරිසක් Miss America තරගය සඳහා සහභාගී වී ඇති අතර එම කිරුළ දිනූ පළමු කළු ජාතික කාන්තාව වන්නේ වෙනේසා විලියම්ස් ය. ඒ වර්ෂ 1983 දී ය.