බොලිවුඩ් සිනමාව යනු සිනමා නිර්මාණවල ආලෝකය පමණක් නොව නළුවන් සහ නිළියන්ගේද සුන්දරත්වයත් කඩවසම්බවත් හේතුවෙන්ම රසිකයින් අතර ජනප්‍රිය කර්මාන්තයකි.
එහිදී නළු නිළියන් සිනමා දර්ශන වෙනුවෙන් තෝරාගන්නා විලාසිතාවලටත් වඩා වර්තමානයේ රසිකයින් බෙහෙවින් දැකීමට ප්‍රිය කරන්නේ ඔවුන් සාමාන්‍ය දිවියේදී තෝරාගන්නා විලාසිතාවලටය.
දීපිකා පදුකෝන් යනු බොලිවුඩයේ විලාසිතා කෙරෙහි දක්වන අවධානය මෙන්ම බොහෝ විට ඒ සඳහා රසික ආකර්ෂණය වැඩියෙන් දිනාගන්නා නිළියක් වන අතර මේ වසරේ සිය දීප්තිය විහිදූ ඇයගේ ජනප්‍රියම සහ හොඳම ඇඳුම් 06ක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.
1. වික්ටෝරියා බෙකම්ගේ රමණීය රතු මිඩි ඇඳුමකින් සැරසෙමින් 2023 ආරම්භ කළ දීපිකාගේ මෙම ඇඳුමේ මිල ඉන්දීය රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න වේ.
2. ඉන්දියාවේ සුප්‍රසිද්ධ සාරි විලාසිතා මායාකාරියන්ගෙන් කෙනෙකු වන සබ්යාසාචිගේ කළු සීකුවින්ස්වලින් කෙළවර සකසන ලද සාරියට නවීනත්වයක් දෙමින් දීපිකා සාරියට ඇති වටිනාකම සහ සුන්දරත්වය තහවුරු කළාය. ගෙල සහ පිටුපසට බැඳ තැබූ බ්ලවුසයෙන් ඇය එහි වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූවාය.
3. ලුවී වුටන් ගවුමකින් රතු පලසට ගිය දීපිකා එමගින් නිරූපිකාවකට හිමි සිය සුන්දරත්වය මැනවින් තහවුරු කළාය. රාජකීය නිල් වෙල්වට් භාවිතය හේතුවෙන් සිය රාජකීයබව තහවුරු කර තිබිණි.
4. ඉන්දීය ඇඳුම් නිර්මාණ කලාවේ තවත් තරඟකාරයෙකු වන මනීෂ් මල්හෝත්‍රාගේ විලාසිතා දැක්මට සහභාගී වෙමින් පළිඟු බිංදු සහිත සුදු ඕර්ගැන්සා සාරියකින් සැරසුණු දීපිකා පිටුපස නිරාවරණය වූ හැල්ටර් ගෙලෙන් සැරසුණු බ්ලවුසයක් ඇඳ සිටියාය.
5. ජෝසෙප් ඩි මොරාබිටෝගේ රිදී පැහැති ඇඳුමකින් සැරසුණු දීපිකා දිලිසෙන රිදී අත් රහිත කෙටි කුඩා ඇඳුමකින් සැරසී සිටියාය. එය රතු රෝස මල්වලින් වැසී ඇති අතර විලාසිතා තෝරාගැනීමේ නොපසුබටකම එහිදී ඇය තහවුරු කර තිබිණි.
6. ඇවන්ගාඩ් සුදු පැහැති සරසන ලද කෝර්ඩ් කට්ටලයක බ්ලේසර් වැනි මුදුනක් සහ අලංකාර සුදු තොප්පියක් සමඟ ගැලපෙන කලිසමක් ඇඳ සිටින දීපිකා සිය ආභරණවලින්ද සුන්දරව පෙනේ.