lan englan tam

චරිත් WILD COOK BOOK වෙතින් WILDISH වෙතට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චරිත් එන්. සිල්වා යනු ජනප්‍රිය යූටියුබ් නාලිකාවක හිමිකරුවෙකු මෙන්ම සමාජ ජාලවල බෙහෙවින් ජනප්‍රිය ශ්‍රී ලාංකිකයෙකි.

ඒ චරිත් සිය ඉවීමේ කලාව පෙන්වන වීඩියෝ රැගත් කෙටි වීඩියෝ සහ ආහාර පිසින ක්‍රම සිය අනුගාමිකයන්ට කියා දෙමින් ඉදිරියට ආ ශ්‍රී ලාංකික සූපවේදියකු වීම හේතුවෙනි.
චරිත්ගේ ඉවීමේ කලාව ඉතා සුළුවෙන් පටන්ගත් එකක් වන අතර ඔහුගේ WILD COOK BOOK වීඩියෝ මාලාද ඉතා සරලව පටන් ගත් නමුත්, ඉහළ ප්‍රතිචාර සහිතව ජාත්‍යන්තරයේද ව්‍යාප්ත වූවකි.
චරිත්ගේ ජීවිතයේ එක් සිහිනයක් මේ වන විට සැබෑ වී තිබෙන්නේ ඔහුගේම අවන්හලක් WILDISH නමින් විවෘත කිරීමට චරිත් සමත් වීම හේතුවෙනි.
කොළඹ ස්ටෙපල් වීදියේ පිහිටි Capital Twin Peaks ගොඩනැගිල්ලේ පිහිටා ඇති චරිත්ගේ අලුත් අවන්හල කොළඹ බෙහෙවින් ජනප්‍රිය අවන්හලක් වනු ඇත්තේ නිසැකවම චරිත්ගේ ආහාර පිසීමේ කලාව එතැනද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom