ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?
✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.
ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.
ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා ඇමතීමෙන් නොමිලේ ලබා ගත හැකියි.

මූලාශ්‍රය - 'Health Promotion Bureau' නිල ෆේස්බුක් පිටුව




