මෙරට තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන නිපුන මහර්ෂි අධ්‍යක්ෂණය කරන ‘ගගන’ චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දින වල කොළඹ අවට ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන සිදු වෙනවා.
මෙම චිත්‍රපටයට ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පීන් වන නිල්මිණී තෙන්නකෝන්, ඩිලානි අබේවර්ධන, රොෂාන් පිලපිටිය, චන්දික නානායක්කාර, විශ්ව කොඩිකාර, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
ජනප්‍රිය ‘ඇට්ටරයා’ you tube නාලිකාවේ ශිල්පීන් දෙපල වන තිළිණ සම්පත් සහ ළමා චරිතයෙන් සදෙව් ඉඳුවරයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
චිත්‍රපටයේ තිර රචනය ලක්ෂ්මන් පුෂ්පකුමාර විසින් සිදු කරන අතර,චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කේ.ටී.ටී පෙරේරා විසින්.
මතු දැක්වෙන්නේ මේ දින වල රූපගත කිරීම් සිදු වන චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්.












