රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'Singham Again' චිත්‍රපටයේ පොලිස් නිලධාරි ශක්ති ෂෙට්ටිගේ චරිතය නිරූපණය කරමින් දීපිකා පදුකෝන්ගේ චරිතයේ පෙනුම අන්තර්ජාලය කළඹන බවක් පෙනෙන්නට ඇත.
මේ වෙනස ක්ෂේත්රයේ තාරකවන්ගේද අවධානය දිනාගෙන ඇති අතර ඒ ගැන ඇත්තේ බොහෝ ධනාත්මක ප්‍රතිචාර වේ.
දීපිකා පදුකෝන්ගේ චරිතයට අදාළ හඳුන්වා දීම කෙරෙන ඡායාරූපයේ ඇත්තේ දීපිකා දරුණුව තුවාල ලබා, සතුරා දෙසට තුවක්කුවක් දිගු කරන, පසුබිමේ දැවෙන ගොඩනැගිල්ලක්ය.
'නාරි සීතා කා භි රූප් හේ ඕර් දුර්ගා කා භි' (ගැහැනිය සීතාගේ රුව මෙන්ම දුර්ගාගේද රූපයකී යනුවෙන් අධ්යක්ෂ රෝහිත් ෂ්ට්ටි මෙම ඡායාරූපය පළමු වරට සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබිණි.
සිංගම් ලෙසින් අජේ දේව්ගන්ද සිම්බා ලෙස රන්වීර් සිංට අමතරව දීපිකා පදුකෝන්, කරීනා කපූර් ඛාන්, ආක්ෂේ කුමාර්, සූරියවංශී සහ තවත් බොලිවුඩ් තාරකා ගණනක් මේ සඳහා සම්බන්ධ වී හිඳිති.