1971 අප්‍රේල් අරගලය විසින් ඇතිකරනු ලැබූ සමාජය වඩා සාධනීය දිශානතියට හැරවීමේ චලනය පිළිබඳව සංවේදීව සිතීමට අප හට අවධාරණය කරයි.
අදත් හෙටත් මතු අනාගතයේදීත් ඒ අසමාන විරුවන් පිළිබඳව ඒ "ශ්‍රේෂ්ඨ පරාජය" පිළිබඳව වඩා ගැඹුරෙන් වඩා පුළුල්ව වඩා පරිණත දෘෂ්ටියකින් සිතිමට හැකිවෙනු ඇත.
අවනීතියෙන් අසාධාරණයෙන් පීඩා වින්ද සුවහසක් මිනිසුන් උදෙසා වඩාත් යහපත් හෙට දිනක් වෙනුවෙන් තම දිවි පුද දුන් ඒ අව්‍යාජ මිනිසුන් පිළිබඳ මතකය ඒ තුළින් ඔවුන් සදාකල් ජනතා සිත්සතන් පුබුදු කරනු ඇත.
මේ ඒ පිළිබඳ ලියැවුණ නන්දන වීරසිංහයන විසින් විරචිත "කිරි සුව`දැති රාත්‍රිය" නම් ග්‍රන්ථයේ දක්නට ලැබෙන "බක්මහේ කටහඬ” නම් අතිශය සංවේදී කවි පෙළයි මේ......
එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන
ග`ගබඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන
හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන
මේ බක් මහෙත් ඉවුරෙන් අත වනනු මැන
ඒ බක් මහේ රෑ හ`ද දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට
අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු