මලයාලම්වල ආසම 'පර්සනැලිටිය' මේ..
සික්ස් පැක් නෑ, 'වී' ෂේප් නෑ. වේට්ටිය ඇඳගෙන බීඩිය උර උර හිටියට මොකද රඟපෑම නම් උපරිම.
කතාව හරි සරලයි. වයසට ගිය මැරයෝ හතර දෙනෙක් (කැම්පස් එකේ ඉඳන් හොඳම යාළුවෝ වගේ දෙමස්සිනාල මුං) ටවුන් එකක යහපත් මැර වැඩ කර කර ඉන්නවා. මේ ටවුමට බහිනවා සයිකෝ කාම විකෘති මිනීමරුවන් දෙන්නෙක්. උන් එකෙක් මේ අපේ කතානායකයාගේ (ගිරී) සුන්දර බිරිදට 'ටෝක්' කරලා කතානායකයා අතින් ගුටි කනවා. ඒ තරහට මේ 'සයිකෝපාත්' මැරයෝ දෙන්නා දවසක ගිරීගේ බිරිඳ දූෂණය කරනවා. ඉතින් හිතාගනිල්ලකෝ මේ සාමකාමී මැරයෝ හතර දෙනාට මොකක් වෙයිද කියලා. විශේෂයෙන් ගිරීට....
ෆිල්ම් එක පුරාම 'සතපඩි සත්තපඩි' විතරයි ඊට පස්සේ. පැය දෙකහමාරම ඉතින් කුතුහලේම විතරයි.
දිනුක මලින්ද හේරත්