lan englan tam

නොවෙනස් සුන්දරත්වය සමග 80 ව සැමරූ “දුලීකා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇය නමින් බියුලා ඩයස් කරුණාරත්න.1974 පෙබරවාරි 24 තිරගත වූ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ "දුලීකා" චිත්‍රපටයේ විජය කුමාරතුංග සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ඇයයි.

 

619668647 879370688132400 534515302363511221 n

 

‘ආදර මල් පවනේ... ඈ යන මේ ගමනේ’... ,’සීත රෑ යාමේ අඳුරේ’, ‘වාසනා නිල් දෑස පායා’ වැනි “දුලීකා” චිත්‍රපටයේ අදටත් ජනප්‍රිය ගීත ඔබට මතක් වෙනවා ඇති.

ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන හා නර්ථන ශිල්පිනියක් වන බියුලා ඩයස් මේ වෙන කොට කලා කටයුතු වලින් තරමක් දුරස් වෙලා සිටියත් ඇය ගැන බොහෝ දෙනාගේ අවධානය නැවත වරක් යොමු උනේ පසුගිය දා ඇගේ 80 වන ජන්ම දින සැමරුමත් සමගයි.

එහි ඇගේ ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර, වයස 80 වේදීත් ඇගේ රුව තුලින් නිරූපණය වුයේ නොවෙනස් සුන්දරත්වයක්.

 

617588138 4249707228651144 2102261912477477271 n 1

 

ඉතින් මේ සමග ඇගේ රසිකයන් ඇතුළු තවත් බොහෝ දෙනා ඇයට සුභ පැතුම් එක් කරන්නට අමතක කරලා තිබුණේ නෑ.

ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් හැඩ කල බියුලා ඩයස් හට සුබ උපන් දිනක් වේවා.

 

616573491 4249707305317803 382890114172135807 n

616818300 10237693221963180 7162341340572159984 n

618734347 4249707431984457 3420164857341393713 n

621193653 879370631465739 8773340167812889459 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom