සජිත ඇන්තනී සහ කාංචනා අනුරාධිගේ අලුත්ම ගීතය වන 'මනමාල කතා' ගීතය මේවනවිට නිකුත් කර තිබෙන අතර එම ගීතය එළිදැකීමේ උත්සවය පසුගියදා PVR සිනමාශලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත් විය.
එම අවස්ථාවේ කාංචනා අනුරාධි, සහිත ඇන්තනී, රෝහණ වීරසිංහ, අමිත් ගුරු, චමිල් පතිරණ සහ සමිත පෙරේරා සංවාදයකට ද එකතු වූ අතර එහිදී අදහස් ඵල කළ සජිත ඇන්තනී කියා සිටියේ ඔහු මේවනවිට කළු කුමාරයා පිළිබඳව චිත්‍රපටයක් කිරීමට සූදානම්වන බවත් ඔහුගේ එකම ආශාව චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වීම බවයි.
එසේම තව දුරටත් අදහස් දැක් වූ සජිත කියා සිටියේ ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ කළු කුමාරයා තමන් බවත් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන නිළිය ලෙස තමන් කාංචනා අනුරාධිව තොරාගෙන අවසන් බව ප්‍රසිද්ධියේ පැවසුවේය.
මනමාල කතා ගීතයේ වෙනුවෙන් නිර්මාණය වූ වීඩියෝ පටය ද මේවනවිට අතිශය ජනාදරයට පාත්රවී ඇති අතර එහි කාංචනාගේ රංගනය පිළිබඳව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය.
මෙම ගීතය මේවනවිට සමාජ මාධ්‍ය තුළට නිකුත් කර ඇති අතර කාංචනා අනුරාධිගේ නිල යූටියුබ් නාළිකාවෙන් සහ අනෙකුත් streaming platforms ඔස්සේ මෙම ගීතය රසවිඳිය හැකි.




