lan englan tam

චක් නොරිස් : පොඩි අකුරින් ලියවුන ලොකු නළුවෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Mahesh Hapugoda -

කරාටේ කළුපටි ශ්‍රේණිධාරියෙක්, සටන් නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ ලේඛකයෙක් වූ චක් නොරිස් යන්න ගිහිල්ල.

 

1774017692 NORRIS 6චක් නොරිස්

චක් සටන් නළුවෙක් හැටියට අවදානම් ජීවිතයක් එක්ක අවුරුදු 86ක් ජීවත්වෙලා තිබිල තියනවා. ඒක වාසනාවක්. ඒ වාසනාව බෲස්ලිට තිබ්බේ නැහැ.

තරුණ කාලේ අපේ සටන් අධ්‍යාත්මය අවදි කරපු චිත්‍රපටියක් වෙච්ච 'The Way of the Dragon' (1972) එකේ එක්තරා දුෂ්ටයෙක්ගේ චරිතය තමයි චක් නිරූපණය කලේ. ඒක ඇතුලේ බෲස්ලී පෙරදිග වීරයක් හැටියටත් චක් බටහිරයෙක් සහ දුෂ්ටයෙක් හැටියටත් අපි දැක්ක. චිත්‍රපටය ඇතුලේ පෙරදිග වීරයා දින්න. හැබැයි ඇත්ත ලෝකයේ බටහිර දින්න. ඒක යම් දුරකින් වෙනස් වෙන්න තව දශක හයක් හතක් ගියා. අද ඉරානේ ඇමෙරිකාව එක්ක හැප්පෙනවා. ඒ හැප්පීමේ අමාරුකම කොච්චර ද කියනවා නම් චීනෙත් එක්ක හැප්පුනානම් ඇමෙරිකාවට මොකක් වෙයිද කියල දැන් කට්ටිය කතාවෙනවා.

පෙරදිගින් ගිහිල්ල හොලිවුඩ් එක වෙනස් කරපු කෙනෙක් බෲස්ලි. ඔහු ප්‍රධාන චරිතයක් එහෙම කරපු. සහ අලුත්ම සටන් ශෛලියක් සහ චිත්‍රපට ශෛලියක් හඳුන්වා දීපු. ඒ වැඩේ ඇතුලේ යම් තැනක චක් ඉඳල තියනවා.

ඉතිං, වාර්තා පිට වාර්තා පිහිටවූ 'The Way of the Dragon' එකේ චක් ඉන්න සීන් එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට අනුව චක් ඒ එකම එක දුෂ්ටයාගේ සීන් එකට පණදුන්න එකම ඇති චක් කියන කෙනෙක් අපේ මතකයේ රැඳෙන්න.

පස්සේ ඔහු ගොඩක් චිත්‍රපටි කරනවා ඔය ඩෙල්ටා ෆෝස් වගේ. හැබැයි බෘස්ලීගේ ෆිල්ම් එක තමයි ෆිල්ම් එක. මම කියන්නේ ඒකයි මනුස්සයෙක් එයාගේ පුද්ගලික හෝ වෘත්තීය ජීවිතයේ එකම එක දෙයක් හරියට කලානම් ඒ ඇති කියල. පස්සේ කරන ඒවා ඔක්කොම බෝනස්.

 

chucknorris

 

ඉතිං ඉස්සර ෆිල්ම් හෝල් වල පෝස්ටර් එකේ ෆිල්ම් එක එක්ක දානවා 'බෘස්ලී පෙනී සිටින' හරි 'චක් නෝරිස් පෙනී සිටින' හරි 'සිල්වෙස්ටර් ස්ටලෝන් පෙනී සිටින' වගේ පොඩි අකුරින් යටින් සබ් ටයිටල් එකක්.

ඉතිං ෆිල්ම් එකේ නමට වඩා (නම වැඩිය තේරෙන්නේ නැහැ) ඉන්නේ කවුද කියල සබ් එක බලල තමයි අපි හෝල් එකට රිංගන්නේ.

පොඩි අකුරින් ලියවුණාට එයාල ගොඩක් ලොකු නළුවෝ.

එහෙම සබ් එකක් ලංකාවේ ලියවෙච්ච ප්‍රධානම නළුවෙක් තමයි චක්. චක් නොරිස්.

සමාදානයේ සැතපෙන්න!

 

465444417 10230767843034193 6907781714279294957 n

සටහන -මහේෂ් හපුගොඩ

(මෙම සටහන 'Mahesh Hapugoda' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom