ෆිල්ම් එකක් මාස 06ක් දුවනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක කාලෙකට පස්සෙ දකින්න ලැබෙන මහා ආශ්චර්යයක්. මෝඩ තරිදු අපේ සිනමාවෙ එහෙම ප්‍රාතිහාර්යයක් පාලා තිබුනා. තිසර සහ තිසර දෙන්නා එකතු වෙලා හරියටම නිලේට ගහලා පත්තු කරපු වැඩක් ඒක.
තිසර සහ තිසර මීට කලින් 'නිනෝ ලයිව්' වලත් එහෙම උත්සාහයක් ගත්තා. ඒත් ඒක වැඩ කලේ නෑ. එඩිසන්ගෙ වුනත් මුල්ම ලයිට් එක පත්තු වුනේ නෑ. ඊට පස්සෙ තිසරලා දෙන්නා සෑහෙන කාලයක් වෙන වෙන එක්ස්පෙරිමන්ට් කර කර ගත කළා. ඒ අතරෙ අලුත් ක්‍රියේටිව් වැඩ බිහිවුනා. ‘හතේ හත’ කියන්නෙ එහෙම පට්ට වැඩක්. කන්සෙප්ට් එකේ ඉඳන්ම මරු වැඩක්. ජනප්‍රිය පොප් ධාරාව එක්ක තිසරලාගේ වැඩ කලාව ලංකාවෙ රූප මාධ්‍යයේ වෙනම අනන්‍යතාවක් හැදුවා.
මෝඩ තරිදු කියන්නෙ තිසර සහ තිසර තමන්ගෙ ආර්ට් එක මීම්කරණය කරපු මොහොත කියලයි මං කියන්නෙ.
ඩිජිටල් ප්ලැට්ෆෝම්වල නාඩිය අදුරගෙන තමන්ගෙ ක්‍රාෆ්ට් එක එතනට ගත්ත සාර්ථක අහම්බයක්. ඒක අහම්බයක් කියන්නෙ ලේසිපාසු ගැලපීමක් නොවෙන හින්ද.
කතාවෙ නමේ ඉදන්ම තිසර සහ තිසර වැඩේ කන්සෙප්ට් එක තීරණය කරලා තිබුන. මෝඩ තරිදු- ඒක බුද්ධිමත් ප්‍රබුද්ධයන්ට ගැලපෙන පිට්ටනියක් නෙමෙයි. හැබැයි ඇඟ ඇඹරෙන මෝඩ ජෝක් වැලකුත් නෙමෙයි.
කැමරාව, සංස්කරණය වගේ සංගීතය පැත්තෙනුත් ඒ වැඩේට අවශ්‍ය සරල, ජනප්‍රිය විචිත්‍ර ගතිය තිබුන. දිනේෂ් ගමගේ මියුසිකල් එකක් විදිහට වුනත් මෝඩ තරිදු රස විඳින්න පුළුවන්. සංගීතයත් ඒකෙ ලොකු කොටසක්. කැමරාව හසුරුවපු හසිතට සෑහෙන අමාරුවක වැටෙන්න වෙන්න ඇති. ලොකුම අමාරුකම තමයි තමන්ගේ කැමරාමය සුරුවිරුකම් ආලවට්ටම් සියල්ල අන්-ලර්න් කරන්න වෙන එක. ඒක ගොඩක් කැමරාව භාර අමාත්‍යවරුන්ට බැරි වැඩක්. වැඩේ හැටියට කැමරාව දාන එක.
මං වැඩියෙන්ම කැමති මෝඩ තරිදු ෆිල්ම් එකේ සෙක්ස් පෙන්නන විදිහට. ඒක හරියටම ටික්ටොක් රැල්ලක් ගහන්න පුළුවන් විදිහට කරපු නිර්මාණශීලී කැරැල්ලක්. ඒ නැටුම පිස්සුවක් වුනා. තාමත් මට ටික්ටොක් ගිහින් එක එක අය ඒ නැටුම නටනවා බලන ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ. ඒක සෙක්ස් සීන් එකකට වඩා සෙක්සි.
අපේ ජනකතා ආරෙට යන මරණින් මතු ලෝකෙ කතාවක් අරන් නව යොවුන් ප්‍රේමයකට ගැටගහපු එකත් අමර ගැලපීමක්. තරුණ උන්ගෙ ප්‍රේම ලෝකෙ මැද්දට ආච්චියෙකුත් කඩා පාත් වෙනවා කියන්නෙ හිනාව දෙපිටින් යනවා.
මෝඩ තරිඳු අපි හැමෝම කැමති චිත්‍රපටියක්. අඩුවෙන් කැමති වැඩියෙන් කැමති අය ඉන්න පුළුවන්. හැබැයි අකමැති අය ඉන්න ඉඩක් නෑ. මාස හයක් දිව්වා කියන්නෙම ඒකයි. එකට හැපි හැපි චිත්‍රපටි හදපු, ඒවා හදන්න උන් මහන්සි වෙන හැටි දැකපු මට මෝඩ තරිදු මේ ලබපු සුවිසාල ජනප්‍රසාදය කියන්නෙ ඉස්මුරුත්තාවෙ යන තරම් සතුටක්

සටහන - චින්තන ධර්මදාස
(මෙම සටහන 'Chinthana Darmadasa' ෆේස්බුක් පිටුව ඇසුරිනි.)




