සිරිල් වික්‍රමගේ නම් විශිෂ්ට රංගවේදියා දකින හැමවිටම මට මතක් වන සිද්ධියක් තිබේ. එය සිදු වුයේ මීට වසර 56 කට එපිට
1961 වසරේදීය. එවකට මගේ වයස අවුරුදු 14 ක් පමණ විය. මගේ ඥාති සොහොයුරියක් (මොනිකා ජයන්තිමනම්පේරි
දැනට විදුර විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය) සමග ඇගේ කෘතියට මූදු පුත්තු නාට්‍යයේ පුහුණුවීම් වලට නිරතුරුවම මම
ගියෙමි. අක්කා නාට්‍යයේ සමූහ ගායනයට සහාය වුවාය.
එදා සහාය ගායනා සඳහා නන්දා මාලිනිය ද පැමිණ සිටියාය. හැව්ලොක් ටවුන් විදුහල් රඟහලේ මුදු පුත්තු නාට්‍යයේ
මුල්ම දර්ශනය දා මා සිටියේ ශාලාවේ පිටුපස අසුනකය. නාට්‍යයේ තේගිරිස් ලෙස රඟ පෑ නළුවා හැඩි දැඩි කාය
වර්ධකයකුබව පැහැදිලිව පෙනිණි.
නාට්‍යයේ එක් දර්ශනයක ඔහු තොටිල්ලේ සිටි කුඩා දැරවාගේ ගෙළ මිරිකීමට උත්සාහ ගනී. නළුවාගේ මනා ලෙස
වැඩී තිබු ඇඟ පත විදුලි ආලෝකයට දිළිසුණි.
ඒයි බොඩිබිල්ඩර් යැයි කිසියම් ප්‍රේක්ෂකයෙක් ශාලාවේ කෙළවර සිට කෑ ගැසීය. උසස් නාට්‍යයක් වු මුතු පුත්තු නාට්‍යයේ
උද්වේගකර අවස්ථාවට බාධා කිරීම ගැන ප්‍රේක්ෂකයෝ ඔහුට විරෝධය හා අප්‍රසාදය පළ කළෝ ෂූ... ෂු... යන
රාවයනංවමිනි. ඒ ප්‍රේක්ෂකයා ශාලාවෙන් යනු මම දුටිමි. මේ මගේ ජීවිතයේ අලුත් අත්දැකීමකි.
නාට්‍යය අවසන් වී ගෙදර යන ගමන් මම කවුද අක්කේ අර බොඩිබිල්ඩර් යයි මම අක්කාගෙන් ඇසුවෙමි.
එයාට එහෙම කියන්න එපා. එයා දක්ෂ නළුවෙක්. දක්ෂ ගුරුවරයෙක්. නම සිරිල් වික්‍රමගේ. අක්කා කීවාය.
ඔහු එදා දැක ගත්ත ද පසුව ඔහු මගේ ප්‍රියතම මිතුරෙකු විය.
සිරිල් වික්‍රමගේ මුතු පුත්තු තුළින් විශිෂ්ට රංගධරයකු ලෙස අභිෂේක ලැබීය. එහෙත් ඊට පෙර ඔහුට අපුරු අතීත
කතාවක් ඇත.
මම උපන්නේ කුරුණෑගල සිට සැතැපුම් 7 ක් පමණ ඈතින් පිහිටි කොහිලගෙදර කියන ගමේ. අපේ ගමට
ගමනාගමන පහසුකම් තිබුණේ නැහැ. ගැලවීමේ හමුදාවේ ආධාර ලබන පාසලකට මම ගියේ හැතැප්ම 9 ක් පයින්.
ඒ 1930 ගණන් වල. මම උපන්නේ 1932 නේ. ඒ කාලේ ලෝක යුද්ධ තදේට තිබුණ කාලේ කුරුණෑගල කාපිරි
සොල්දාදුවන් එහා මෙහා ගියා. අපේ තාත්තා ගොවියෙක්. රක්ෂාව ගොවිතැන. තාත්තාගේ තම චාල්ස් වික්‍රමගේ
අම්මගෙ නව ලීඩියා. වෙල්මුලාදෑනියෙකුගේ දුවක්. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ අට දෙනයි. මම පස් වැන්නා.
අද ජීවත් වෙලා ඉන්නේ අක්කයි මල්ලි කෙනෙකුයි විතරයි. සිරිල් පුංචි සන්දිය ගැන මතක් කරමින් කිව්වා.
තම පියා දක්ෂ නැට්ටුවෙක් හා බෙර වාදන ශිල්පියෙකු බව කියන සිරිල් තාත්තා ගමේ දරුවන්ට නැටුම්
ඉගැන්නුවත් තම පවුලේ කිසිවෙකුට පාසලේ ඉගෙනීමේ කටයුතු වලට මිස එම ශිල්පය ඉගැන්වුයේ නැති
බව අවධාරණය කළේය. තාත්තා නැටුම් හා බෙර වාදන කොහෙන් ඉගෙන ගත්තා දැයි අපි දැන හිටියේ නැහැ
කියයි. ගමේ සිටියදී තාත්තා බැලසන්ත නාඩගමේ රඟ පෑ උජාරුව පුංචි සිරිල්ට මතකය. පසුව එඩී ජුනියර් රඟ
පෑ අම්මා සීදේවි යන ටීටර් නැරඹු සිරිල්ට දඑඩී ජුනියර් කෙනෙකු වීමට සිත් විය. රඟපෑමේ මුල බීජය ඇති වුයේ
මේවා බැලීමෙන් බව සිරිල් කියයි. කුරුණෑගල රොක්සි සිනමා හලේ දුටු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය බැලු දා
ඔහු පිටුපස බැලුවේ මේ රූප කෙසේ තිරයට පතිත වනවාදයන කුහුලෙනි.
ගමේ පාසලින් පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට පැමිණි සිරිල් එම වසරේ (1953) දුටු කැලෑ හඳ චිත්‍රපටයෙන්
අපමණ ආස්වාදයක් ලැබීය. මේ කාලයේ ඔහු මහනුවර සිරිල් පෙරේරා සංගීත ගුරුතුමාගෙන් (ප්‍රවීණ සංගිතඥ
ආනන්දපෙරේරාගේ පියා) වෙතින් වයලීනය ඉගෙන ගත්තේය. ගාන්ධර්ව ප්‍රථම විභාගයෙන් සමත් වුණා. ගමට ඇවිත්
අපි මඟුල් ගෙවල්වල බජව්වල සිංදු කිව්වා. වයලීන් හා තබ්ලා වාදනය කළා.
තම ජීවිතයේ රසමුසුම අවස්ථාව සිරිල්ගේ මතකයට ආවේ ප්‍රමාද වීය. ඒ “සත් සමුදුර” චිත්‍රපටය 1967 වසරේ
පෙබරවාරි මාසයේ දිනයක මරදානේ එල්පින්ස්ටන් සිනමාහලේ තිරගත වූ දිනකය. චිත්‍රපටය නිම වී සිරිල්
බොරැල්ලට යාම සඳහාබුහාරි හෝටලය ඉදිරිපස තිබූ බස් හෝල්ට් එකේ රැඳී සිටියේය. “සත් සමුදුර” බැලූ
තරුණයෝ ද එහි සිටියහ.
“මචං අර අපි බලපු පික්චර් එකේ කොල්ලා නේද?” එක් අයෙක් අනිකාගෙන් ඇසීය.
“පිස්සුද බං කොහොම ද කොල්ලා වෙන්නේ? ඌ පෙන්දෙක්නෙ.” අනෙකා කීවේය.
සිරිල් හිමින් සීරුවේ මරදාන දුම්රියපොළ දෙසට ඇවිද ගෙන ගියේ සිනාසෙමිනි.
කොළඹට පැමිණි සිරිල් රත්මලානේ අන්ධ ගොළු බිහිරි පාසලේ ගුරුවරයකු ලෙස සේවය කොට පසුව
විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීය. ඔහු ප්‍රවීණ සංගීතඥ සෝමවංශ පට්ටිආරච්චිගෙන් වයලීනය
වැඩි දුරටත් ඉගෙන ගෙන ඇත. කොළඹ වෙස්ලි විද්‍යාලයේ උපාධිධාරි ගුරුවරයකුව සිටි අවදියේ ඔහුට එහි සිටි
තවත් ගුරුවරයෙකු වු ෆීලික්ස් ප්‍රේමවර්ධන නිෂ්පාදනය කළ මිනිස් ගතිය වේදිකා නාට්‍යයේ රඟ පෑමට
අවස්ථාව ලැබිණ. ඒ ඔහුගේ මුල්ම ප්‍රසිද්ධ වේදිකා නාට්යයවිය. වෙස්ලි විද්‍යාලයෙන් නැටුම් ගුරුවරයා වු ශ්‍රී
ජයනා තම රණතිසර නම් මුද්‍රා නාට්‍යයේ සිරිල්ට චරිතයක් රඟපෑමට ආරාධනයක් ලැබිණි. මෙහි සංගීත අධ්යක්ෂවරයා
වුයේ ඩන්ස්ටන් ද සිල්වාය. ගීත රචනා කිරීමට පැමිණි ආනන්දසමරකෝන් සිරිල්ගේ ගජයා විය. මේ නාට්‍යයේ
නාරද දිසාසේකර හා නන්දා මාලිනී ගී ගයනු සිරිල් ආසාවෙන් බලා සිටියේය.
සිරිල් මම නාට්‍යයක් කරනවා. කැමති නැද්ද චරිතයක් රඟපාන්න. දිනක් ආනන්ද සමරකෝන් ඇසීය.
තම කුළුපග මිතුරා නිෂ්පාදනය කළ පහන හා රන් එතනා නාට්‍යයේ රඟ පෑමට ගිය සිරිල්ට එහි රඟපෑමට පැමිණ සිටි
ධම්ම ජාගොඩ හා ෂෙල්ටන් සිල්වා හඳුනා ගන්නට ලැබිණ. එය තදබල මිත්රතත්වයකට මුල පිරීය.
ඒ කාලයේ ආනන්ද සමරකෝන් පදිංචි වෙලා හිටියෙ දෙමටගොඩ සාලමුල්ලේ. මම බොරැල්ලේ ඩිරොයි හෝටලයේ
කාමරයක නැවතිලා හිටියෙ. කුලිය මාසෙකට රු.25 යි. මේ කාමරයට ධම්ම හා ෂෙල්ටන් නිතරම එනවා.
අපි තිදෙනාවිනෝදයටත් එක්ක කාය වර්ධන ව්‍යායාම් කළා. අපිව මිනිස්සු දැන හිටියේ බොඩි බිල්ඩර් මහත්තුරු හැටියට.
දවසක් ආනන්ද සමරකෝන් එයාගේ ් 35 මෝටර් රථයෙන් මගේ කාමරයට ආවේ කලබලයෙන්.
කාන්තා ප්‍රශ්නයක්. හිතහොඳමට රිදිලා. මූණත් කළු වෙලා.
සිරිල් අද ඉඳලා මම උඹේ කාමරයේ නතර වෙනවා. මම ඉන්නේ හොඳට කල කිරිලා හිතේ අමාරුවෙන්.
මේ කාමරේ හොඳටම ඉඩ තියෙන්නේ. මම කිව්වා.
ආනන්ද තම මෝටර් රථයේ තිබුණ චිත්‍ර වගයකුත් අරන් ආවා. මම හිතන්නේ ඔහු සංගීතඥයෙක් වගේම
හොඳ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඒ කාලේ ආනන්ද පදිංචි වෙලා හිටියෙ පාගොඩ පාරේ ගෙදරකය. ඔහු තම ජිවිතයේ කිසිවෙකුටත් නොකියු රහස් මට කිව්වා. මට දැන් මැරෙන්න හිතෙන්නේකියලා කිව්වා.
හිටපු ගමන් ආනන්ද දවසක් සිරිල් මම ගෙදර ගිහින් එන්නම් කිව්වා. මම පුදුම වුණා. මුහුණෙ ලේ බිඳුවක් නෑ.
පසු දා මම ආනන්ද හොයා ගෙන පාගොඩ මාලිනී නිවසට ගියා. ඒ 1962 අප්‍රේල් 3 වැනිදා.
ආනන්දට හොඳටම අමාරුයි. මහ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඔහුගේ බිරිඳ කැරලයින් කිව්වා.
මොකද? මොකද වුණේ? මම කලබලයෙන් ඇසුවා.
එයා නිදි පෙති 30 ක් විතර බීලා. බිරිඳ අඬමින් කීවා.
අපි මහ රෝහලට ගියා. සිහිසුන්ව සිට අප්‍රේල් 05 වෙනිදා මගේ මිත්‍රයා මිය ගියා. මෙය මට විශාල කම්පනයක්
වුණා යි සිරිල් කීවේය. සිරිල් මුදු පුත්තු නාට්‍යයට ගුණසේන ගලප්පත්ති තෝරා ගන්නේ මිනිස් ගතිය නාට්‍යය දැකීමෙනි.
ෆීලික්ස් මේ නාට්‍යයේ මිනිහාගේ චරිතය රඟපාන තරුණයා දුර ගමනක් යන බව පෙනෙනවා. මගේ නාට්‍යයකට
සම්බන්ධ කර ගන්න කැමැතියි. ගුණසේකර ගලප්පත්ති, ෆීලික්ස් ප්‍රේමවර්ධන ගෙන් ඇසීය.
ගලා සිරිල් හොඳ නළුවෙක්. එයාට අවස්ථාවක් දෙන්න.
සිරිල් මුදු පුත්තු නාට්‍යයේ තේගිරිස්ට තෝරා ගත්තත්, ගලපත්ති ඔහුගේ රඟපෑම් වලින් සෑහීමකට පත් නොවීය.
පුතා මම මේ රඟපෑම් නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. ගලපත්ති සිරිල්ට කීය.
කමක් නෑ ගලා මම යන්නම් කියමින් සිරිල් නොපෙනී ගියේය. තරහක් නැත. හිත හොඳිනි.
දිනක් ගලප්පත්ති සිරිල් සොයා ඔහුගේ බොරැල්ලේ කාමරයට පැමිණියේය.
පුතා තව එක පාරක් ට්‍රයි කරමුද? ගලාගේ කැමැත්තක් මම එන්නම්
සිරිල් සතුටින් රිහසල් වලට ගියේය. රඟපෑවේය. ගලප්පත්තිට අවශ්‍ය දේ ඔහු දැන සිටියේය.
වෙල්ඩන් පුතා උඹ මතක තියා ගනින් රඟ පාන්නේ තේගිරිස් කියලා.
මුදු පුත්තු මුල් දර්ශනයෙන්ම සිරිල් එක රැයකින් ප්‍රතිභාපූර්ණ නළුවෙකු විය.
ගලප්පත්ති කියන්නේ මට හමු වු විශිෂ්ටතම නාට්‍යකරුවා. ඓශ්චර්යමත් කලාකරුවෙක්. ඔහු ඇමරිකාවේ
දී ඵැඑයැා ්ජඑසබට ගැන ඉගෙන ගත්තේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වු මාලන් බ්රැන්ඩෝ සමග බව දන්නේ
ටික දෙනයි සිරිල් කීවේය.
මූදු පුත්තු නාට්‍යයේ සිරිල් රඟපානු බලා සිටි සිසිර සේනාරත්න හා හර්බට් එම්. සෙනෙවිරත්න නාට්‍ය
අවසානයේ ඔහු හමු වීමට ගියේය.
සිරිල් උඹ හඳපාන චිත්‍රපටයේ පොඩි චරිතයක් කරන්න ඕනෑ සිසිර කීය.
මොකක්ද චරිතය? මම චිත්‍රපට වල රඟපාල නෑ.
මේක හරමා කියලා ගෑනු හොරෙක්ගේ චරිතයක්. විජිත මල්ලිකාව උස්සන් යන්න තියෙන්නේ.
අපෝ බෑ.
බැහැ කියන්න එපා බං මම කිව්වට ඇට් කරපන්.
සිසිරගේ බල කිරීමට සිරිල්ට අවනත වන්නට විය.
සමහර විට බොඩි බිල්ඩර් කෙනෙක් නිසා සිරිල්ව තෝරා ගන්නට ඇතැයි මම කීවිට ඔහුට සිනහ ගියේය.
සිරිල් සරත්චන්ද්‍රයන්ගේ පබාවතී නාට්‍යයේ ඔක්කාක රජු ලෙස රඟපාන අයුරු දුටු දොස්තර ලීනස් දිසානායක මූදු
පුත්තු නාට්‍යය ඇසුරෙන් නිපදවන චිත්‍රපටයට තෝරා ගත්තේය. මත භේද රැසක ප්‍රතිඵලයක් ලෙස මූදු පුත්තු නතර වී
සත් සමුදුර චිත්‍රපටය පටන් ගත් පසු සිරිල් එහි ප්‍රධාන චරිතය රඟපෑවේය.
සිරිල් කියන්නේ සරච්චන්ද්‍රයන්ගේ පබාවතී රඟපෑම තුළින් උපරිම වින්දනයක් ලැබු බවය.
පබාවතී නාට්‍යයේ රඟපාන විට එහි කුස ලෙස රඟ පෑ බෙන් සිරිමාන්න රිහසල් වලට එන්නේ ප්‍රමාද වෙලා.
සුන්දර නිහතමානී කලාකරුවෙකු වු බෙන්ගේ ප්‍රමාදය සෙසු නළු නිළියන් අමාරුවෙන් විඳ ගත්තා. ඔහු ප්‍රමාදයට
හේතු වශයෙන් කියන්නේ බස් එක ප්‍රමාද වු බවයි. සරච්චන්ද්‍රගේ ප්රියතමනළුවා වු බෙන්ගේ සිත රිදවීමට ඔහුද අකමැති වුණා.
සිරිල් බෙන්ට කියන්න කෝ වේලාවට එන්න කියලා. සරච්චන්ද්‍රයන් කීවේය.
ඩොක්ටම කියන්න. මම ඇඟ බේරා ගෙන කිව්වා.
ඔන්න කියන කොට බෙන් එනවා.
ඔය බස් එක එන්නේ. සරච්චන්ද්‍රයන් හෙමින් කියනු මට ඇසුණා.
චිත්‍රපට ගණනක රඟ පා සම්මාන රැසක් දිනු සිල්වා හාපුරා කියා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට දොස්තර
ලීනස් දිසානායක අවස්ථාවක් දුන්නේය. එහි ප්‍රධාන චරිතය රඟ පෑ සිරිල් ඒ චරිතයේ පාළුව කළ කිරීම පිළිබිඹු
කරන අවස්ථාවක් තීව්ර කිරීමට භාවාත්මක ගීතයක් යොදා ගැනීමට අවශ්‍යවිය. ඔහු මිතුරු ගීත රචක මහගම
සේකර සොයා ගියේය. කාරණය කිව්වේය.
මචං හදිසියට ඕක ලියන්න බැහැ. මම දින පොතේ ගීත ටිකක් කුරුටු ගාලා ඇති. සුදුසුකම් එකක් තෝරා
ගනින් සේකර කීය.
සේකරගේ දින පොත පිරික්සු ඔහුට අහම්බෙන් අපුරු සංකල්පනාවක් හසු විය.
මේ තියෙන්නේ මට ඕන ගීතය. මීට වඩා තව මොනවද?
සිරිල් පස්වනක් ප්‍රීතියෙන් කෑ ගැසීය. මේ ඒ ගිතයේ කොටසකි.
මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට
ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි.
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
මේ ගීත රචනය සිරිල් දින පොතෙන් ඉරා ගත්තේය. සංගීත අධ්යක්ෂ සෝමදාස ඇල්විටිගල සොයා ගිය ඔහු
අමරදේවයන් ද කැඳවා ගත්තේය. ඇල්විටිගල නිර්මාණය කළ අපුරු තනු නිර්මාණයට අමරදේවන්ගේ හඬ
අපූරුවට මුසු වී අමරණීය නිර්මාණයක් බිහි විය. මුලදි රන් කැටි පුතා නමින් තමකුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය
පසුව එහි නම සිහින ලොවක් ලෙස වෙනස් වී තිරයට ආවේය.
ගල්කිස්සේ ටේම්පලර් පාරේ කලාපුර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින සිරිල් තම ජීවිතයේ සිත සසල කළ හා
කම්පනය කළ සිද්ධියක් අපට විස්තර කළේය.
එය නම් 1988 වසරේ ඔක්තෝබර් 12 වැනිදා කුරුණෑගල නිවසට රාත්‍රියේ දමා ගොස් තිබු අභිරහස් ලිපියක් නිසා
ඔහුගේ සිත කැළඹිණ. හෙණයක් පතිත වුවා සේ ගෙදර අය කම්පනය වූහ. විජය කුමාරතුංගයන් සිරිල්ගේ කල්‍යාණ මිත්රයෙකි.
ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේකුරුණෑගල සංවිධායකවරයා වුයේ සිරිල්ය. විජය
ඝාතනයට ලක් වූවෙන් සිරිල් පක්ෂය අත හැරියේය.
එදා ලැබුණු බිහිසුණු ලිපිය මෙසේය.
සිරිල් වික්‍රමගේ
වෑපිටිය
කොහිලගෙදර
සිරිල් වික්‍රමගේ වන තමා මෙතෙක් කාලයක් දේශද්‍රෝහියකු වශයෙන් කටයුතු කර ඇත.
චෝදනා
(1) එක්සත් සමාජවාදී පෙරමුණ ගොඩ නැගීමට හවුල්කරුවකු වීම සහ එහි සංවිධාන කටයුතු
කිරීමත් තරුණ සංවිධානයේ නිලතල දැරීම.
(2) දේශප්‍රේමීන්ට විරුද්ධව කටයුතු කිරීම.
(3) දේශප්‍රේමී නියෝග කඩ කිරීම.
(4) දේශදෝහී ක්‍රියා කිරීම
(5) අවලාද නැගීම
මේවා මරණීය දඬුවම් ලැබිය යුතු වරදවල්ය.
ඒ අනුව 1988/10/14 වන දිනම 5.00 ට ප්‍රථම සියලු නිලතල වලින් ඉවත් වු බව දේශප්‍රේමී ජනතාවට
දැන්විය යුතුය. මහව හන්දියේ සහ නිවස අසල පාර මායිම්ව සියලු නිලතල වලින් සහ සංවිධාන කටයුතු
වලින් ඉවත් වු බව දන්වා බැනරයක් ප්‍රදර්ශනයක් කළ යුතුය. එසේ නොකිරීම අවසානදඬුවම ලැබිය යුතුය.
මෙයට
දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සන් හඬ අංශය.
වයඹ පළාත කුරුණෑගල.
මේ ලිපිය ලැබුදාම ලිපියේ කී පරිද්දෙන්ම බැනරයක් ප්‍රදර්ශනය කළ ද එදින රාත්‍රීයේ ආයුධ සන්නද්ධ
පිරිසකගෙන් සිරිල්ලාගේ නිවසේ දී ත්‍රාසජනක අත්දැකීම තම ජිවිත කාලයේ දුටු භීෂණ චිත්‍රපටයක් බව වික්‍රමගේ
යුවළ අපට පැවසුවේ ද එදා තිබු මානසික තත්ත්වයෙනි.
ඒ.ඩී. රන්ජිත් කුමාර