2018 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාපටයක් සනිටුහන් කරන පළමු අන්තර්ජාතික නියෝජනය සනිටුහන් කරමින් සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’(Burning Birds) සිනමාපටය ඉන්දියාවේ පැවැත්වෙන 16 වෙනි පුනේ අන්තර්ජාතික සිනමා උළෙලේදී (Pune International Film Festival) තිරගත වීමට නියමිතය.
එළඹෙන ජනවාරි 14 වෙනි දින සවස 2.00 ට සහ ජනවාරි 17 වෙනි දින සවස 1.45 ට තිරගත වීමට නියමිත ‘දැවෙන විහඟුන්’ සිනමාපටය ‘Global Cinema’ නම් වූ තරඟකාරී නොවන අංශය යටතේ පුනේ උළෙල නියෝජනය කරනු ලැබේ.
මෙය ‘දැවෙන විහඟුන්’ සිනමාපටය නියෝජනය කරන දහ අටවෙනි (18) අන්තර්ජාතික සිනමා උළෙල වේ.
එසේම 2018 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකු සනිටුහන් කරන පළමු අන්තර්ජාතික සිනමා ජූරි නියෝජනය සනිටුහන් කරමින් සිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර මෙම උළෙලේ ප්‍රධාන ජූරියේ (International Jury) ජූරි සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ.
එයට අමතරව විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ සිනමාපටය ‘Just Juries’ නම් තරඟකාරී නොවන අංශය නියෝජනය කරමින් එළඹෙන ජනවාරි 18 වෙනි දින පෙ.ව 11.15 ට උළෙලේ තිරගත වීමට නියමිතය.
මෙකී නියෝජනයත් සමග 2005 වර්ෂයේ සිට ‘සුළඟ එනු පිණිස’ සිනමාපටය නියෝජනය කල සමස්ථ අන්තර්ජාතික සිනමා උළෙලයන් සංඛ්‍යාව 36 ක් බවට පත්වේ.
එසේම අන්තර්ජාතික ජූරි සභිකයෙකු ලෙසින් විමුක්ති ජයසුන්දර විදේශීයව පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කල දොළොස්වන (12) අවස්ථාව මෙය වේ.
පුනේ අන්තර්ජාතික සිනමා උළෙල ජනවාරි මස 11 වෙනි දින 18 සිට වෙනි දින දක්වා පැවැත්වේ.
උදිත ලක්මාල් කහඳවාරච්චි