එළඹෙන ජූනි 9 වැනිදා නෙළුම්පොකුණ රඟහලේ දී පස්වරු 7 ට පැවැත්වීමට නියමිත “මකරන්ද” ප්‍රසංගයේ මකරන්ද පංච පුද්ගල ගායන මඩුල්ලෙහි ජ්‍යෙෂ්ඨතමයා ඔහුය.
පනාවැන්න ධම්මධාරාම විදුහල හා ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය නිශ්ශංක දිද්දෙණිය අකුරු කළ විද්යස්ථානයි. පේරාදෙණිය සරසවිය, ඔහු උසස් අධ්‍යාපනය ලද විදුබිම් පමණක් නොව, වේදිකා නාට්‍ය කලාවෙහි මුදුන් මල්කඩ බඳු වූ මහැදුරු සරච්චන්ද්‍ර සෙවණෙහි තම රංගන කුසලතා ලොවට කියා පෑමට දොරගුළු විවරකර දුන් කීර්තිමත් සරසවියයි.
සරච්චන්ද්‍රගේ පෙමතො ජායතී සොකො නාට්‍යයෙන් එක්වෙන දිද්දෙණිය සිංහල නාට්‍ය වංශ කතාවෙහි කීර්තිමත් චරිත කිහිපය අතර රැඳී තිබෙන සිංහබාහු නාට්‍යයේ සිංහබාහු කුමරුගේ චරිතය රඟපෑමට වරම් ලබන්නේ ය. ඉන් පසු, සරච්චන්ද්‍රයන්ගේම පසු නිෂ්පාදනය වූ මනමෙහි, මනමේ කුමරු, වැදි රජු, ලෝමහංස නාටකයේ බ්‍රහ්මදත්ත රජ, දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත ඇලපාත මුදලි භුමිකාව ආදී වූ විශිෂ්ට වේදිකා රංගන ප්‍රේක්ෂක මතකයෙහි නොනැසෙන මතක බවට පත් කළ රංගනවේදියාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරු ඔහු 80 දශකයේ දී ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශාරද විභාගය සමත් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්වාද් උපාධි ඩිප්ලෝමාව ඔහු අවසන් කළේ 90 දශකයේ දීය.
නිශ්ශංක දිද්දෙණිය 1992 වසරේ 'අවරගිර මුදුනින්' සහ 2002 වසරේ 'රන් මාලා' නමින් ගීත ඇල්බම් දෙකක් ද නිකුත් කළේය. සුරඟ ගී 1 හා 2 - පැරණි නූර්ති, නාඩගම් හා ටිටර් ගීත සංගත තැටි 2012 වසරේ දී ඔහු විසින් එළි දක්වන ලදී.
සිය කලා දිවිය අගයමින් 1993 වසරේ පළමු 'බුන්කා' සම්මානය ලද ඔහු 2002 වසරේ 'අරුමැසි ගී සර' නමින් කෘතියක් ද එළිදැක්වීය.