මුම්බායි නගරයට එන ලක්ෂ ගණනින් දිවා ආහාරය අඩංගු කෑම පෙටිටි අතරින් වැරදි හුවමාරුවට ලක් වූ කෑම පෙටිටියේ කතාව “LUNCH BOX”. රිටේෂ් බට්රාගේ විශිෂ්ට ඉන්දියානු සිනමාපටයක්.
-----
මහල් ගොඩනැගිල්ලක පහල මහලේ තරුණ ගැහැණියක් ඉහළ මාලයේ අයෙකුට මෙහෙම කියනව
“ඇන්ටී අද නම් අපේ එක්කෙනාට නෙවෙයි කෑම පෙටිටිය ගිහිල්ල තියෙන්නෙ”
“ඉලා කොහොමද දන්නෙ”
“පෙටිටියේ මුකුත් ඉතුරු නෑ ! ඔක්කොම කාලා !”
----------
ඊළග දිනයේ ,
මහත්මයා මම මේ ලියුම කෑම පෙටිටියට දැමිමෙ ඔබ බලයි කියල හිතාගෙන.
ස්තූතියි මහත්තයට. ඔක්කොම කාල තිබුනට. ඒත් මම මේවා උයල එවන්නෙ ආසාවෙන් මගේ
මහත්තයට කන්න. කමක් නෑ හිස් කෑම පෙටිටිය දැක්කම මම සතුටු වුනා මොකද මම
හිතනව කාගෙ හරි බඩක් සතුටු කරනවයි කියන්නෙ එයාගෙ හදවතත් සතුටු කරනව කියල.
මීට ඉලා.
ඊට පස්සෙ ඉලා ඒ නන්නාදුන මිනිහට දිගටම කෑම පෙට්ටියයි ලියුමකුයි එවනව . ඔහු හිස් කෑම පෙට්ටයට ඔහුගෙ පිළිතුර ලියල දානව.
------------
මාස ගණනකින් පසු,
හිතවත් ඉලා...
අද ඔයා මට එවපු කෑම පෙට්ටිය හිස් එකක්. මට එහෙම වෙන්න ඕන .මට තේරෙනව ඔයා ඉන්නෙ කේන්තියෙන් . ඊයෙ මං එනකන් ඔයා අර තේ කඩේ ගොඩක් වෙලා බලං හිටිය ඒක මම දන්නව. මමත් උන්නෙ ඔයාව
මුණ ගැහෙන්න හරිම අසාවෙන් දවස් ගැන ගැන . ඊයෙ ඒ උදේ ඔයාව මුණගැහෙන්න මම නාල ඉවර වෙලා ඇඳුම් අදින කොට යම් දෙයක් මට නාන කාමරේ අමතක වුනා වගේ දැනුන. ඉතින් මම ආයි නාන කාමරේට ගියා ඒක ගන්න. එතකොට මට නාන කාමරෙන් පරණ පුරුදු සුවඳක් ආව.
මට බොහොම සමීප සුවඳක්. ඒක මගෙ සීයගෙ සුවඳ.
සීය නාල ඉවර වුනාට පස්සෙ නාන කාමරෙන් එන්නෙ ඒ සුවඳමයි. ඒක හරියට
සීය එතැන ඉන්නව වගෙයි.නමුත් ඉලා ඒ ඔහු නෙමේ . මට ටික වෙලාවක් ගියා ඒක තේරුම් ගන්න. ඒ මගේම සුවඳ ඉලා ඒ සුවඳ හරියට වයසක මනුස්සයෙක්ගෙ වගේ. මම දන්නෑ මම වයසට ගිහිල්ල කියල. සමහර විට
අද උදේ වෙන්න පුලුවන්. උදෑසනවල් ගණනාවකට කලින් වෙන්න පුලුවන්. ඔව් මම වයසට ගිහිල්ලා.
ජීවිතය කියන එක කාලය හා හැඟීම් එක්කම අපි නොදැනුවත්වම බෙලහීන වෙලා යනව. එත් අපිට ඒක එක පාරටම තේරුම් යන්නේ නෑ . ඒත් ඉලා මම දන්නව ඔයා තරුණයි.කිසිම කෙනෙක් ඉලා ඊයෙ ලොතරැයි ගන්නෙ නෑ.
කොහොම නමුත් ඔයා ඉන්නවයි කියපු තේ කඩේට මම ආව ඔයා එතැන හිටිය.
ඔයාගෙ පර්ස් එක අත ගගා, වතුර එකක් බොමින් කෙනෙක් එනකන් බලන් ඉන්න විමසිලිමත් දෑසින් .
මට ඔන වෙලා තිබ්බ මේ ඔක්කොම ඔයා ළගට ඇවිල්ල කියන්න. නමුත් මම
කළේ ඔයා දිහා බලාගෙන හිටි එක විතරයි. මම හිතුව වගේම ඔයා ගොඩක් ලස්සනයි.
ඔයා තරුණයි, ඔයා ළග හීන තියෙනවා. සමහර වෙලාවට ඔයා මාව ඔයාගෙ ඒ ලස්සන හීන අතරට
අරන් ගියා. මට ඕන ඒ හීනවලට ඔයාට ස්තුති කරන්න. ඉතිං ඉලා මම ඔයා දිහා බලං ඉදල හැරිල ගියා.
උපාලි ජයසිංහ