2000 අවුරුද්දේ නොවැම්බර් මාසයේ කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට මම ගියේ සරෝජා චිත්‍රපටය එක්ක.
කල්කටාවල නන්දන් සිනමා සංකීර්ණයේ තමයි උත්සවය පැවැත්වුනේ. විවිධ රටවල සිනමා අධ්යක්ෂවරු වගේම චිත්‍රපට බෙදාහැරීමේ අයත් ඇවිත් හිටියා .එකම සංකීර්ණයක් තුළ චිත්‍රපට ශාලා කිහිපයක්.
2000 වසරේ මතකය සොයා මා ඇවිද යන්නේ ම්රිනාල් සෙන් නිසායි. මට එහිදී මනිරත්නම් මෙන්ම මිර්නාල් සෙන් ද මුණගැසුනා.
ම්රිනාල් සෙන් ආවේ සරෝජා බලන්න.මා අසලට පැමිණි මිර්නාල් සෙන් දෙස මා වික්ශිප්තව බලා සිටියා.
මෙතැන කව්රුත් ඉන්නවාදැයි මාගේ යාබද අසුන පෙන්නා ඔහු ඔහුගේ බසින් ඇසුවා.
මම අංග චලනයෙන් ඔහු අසන්නේ කුමක්දැයි තේරුම් ගෙන නැතැයි පැවසුවා.
මගේ කරවට තිබූ හදුනාගැනීමේ කාර්ඩ්පත දැක ඔහු ඔබ ඉන්දියානුවෙක් නොවේදැයි ඇසුවා.
මම ලංකාවෙන් පැමිණි බව කී විට ඔහු ට ලංකාවේ සිනමා කර්මාන්තයේ දැවැන්තයකු ගැන දැනගැනීමට අවශ්‍ය වුනා. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන.
මම ලෙස්ටර් මහතාගේ වෑකන්ද වලව්ව පිළිබඳව ඔහුට පැවසුවේ ඒ වනවිට වනවිට වෑකන්ද වලව්ව ලෙස්ටර් මහතාගේ නවතම චිත්‍රපටය වූ නිසායි.
ගාමිනිී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා ගැන ම්රිනාල් සෙන්ට මතකයක් තිබුනා.ගාමිනී ෆොන්සේකා දේශපාලනයට පැමිණීම ගැන ඔහු කනගාටුව ප්‍රකාශ කළා. ඔහු මාලිනීගේ නිධානය චිත්‍රපටයේ රංගනය ගැන පැසසුම් සහගතව කතාකළා.
මම මාලිනී අභිනය පෙළහර කෘතියෙත් ඒ පිළිබඳව සටහන් කලා.
ම්රිනාල් සෙන් ලෙස්ටර් ගේ පරම්පරාවේ සිනමාකරු ජීවිතයෙන් නික්ම ගිය මොහොතක ඔහුගේ නිහතමානී කම මෙන්ම ලංකාවේ සිනමාව පිළිබඳ ඔහුට තිබූ ඇල්ම කොතරම්ද යන්න මේ ලෙස සටහන් කොට තබන්නේ ඔහුට කරණු ලබන ගෞරවයක් ලෙසයි.
එක් ආකාරයෙන් යළිත් එම ආකාරයටම කිසිවක් ලොව පහළ නොවේ. ලෙස්ටර් ලා නැත. සිටියේ එකම එක ලෙස්ටර් කෙනෙකි. සත්‍යජිත් රායි ලා නැත. එකම එක සත්‍යජිත් රායි කෙනෙකි. ම්රිනාල් සෙන්ලා නැත. එකම එක ම්රිනාල් සෙන් කෙනෙකි.
ලොව කලාකරුවන් සුවිශේෂ වන්නේ ඔවුන් අවංකවම තම නිර්මාණ කාර්්‍ය රසික ජනතාව වෙනුවෙන් ඉටු කරන්නේනම් පමණි. රසික ආදරයට ජනතා ආදරයට පත්වූ බොහෝ දෙනා එලෙස අවංකවම තම නිර්මාණ කාර්්‍යයන් කළ බැවින් විශිෂ්ටත්වයට ගෞරවයට පාත්රවෙයි.
ම්රිනාල් සෙන් ද එවැන්නෙකි
එහෙයින් එකම එක පුද්ගලයෙක් තමාගේ තැන හිස් කොට නික්ම ගිය පසු ඒ හිස්තැන සදාකාලිකවෙයි.
මනෝහාරී හේවාවසම්