එකාතකට චිත්‍රපට සංස්ථාව ගිණි ගත්ත එකත් හොඳය.සිංහල සිනමාවේ අහවල් ජුබිලිය යෙදෙන්නට ආසන්නය.
එහෙත් ජාතික උරුමයන් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි කලාකරුවන්ගේ අද දවස අස්ථාවර සහ අස්ථිර එකක් ව ඇත්තේ කාගේ වරදින් ද යන්න ආණ්ඩුවේ බඩ ඇති හිස නැති උත්තමයෝ සොයා බැලිය යුතුය.
කලාකරුවා යනු පැණී බී ඉවත ලන උක් දණ්ඩක් නොවේ. ඔහු විසින් සිදු කළ ජාතික මෙහෙවරේ කෙළෙහි ගුණ කාටත් තිබිය යුතුය. ඔවුන් වසර 44ක් පමණ කුලියට විසූ නිවස නිවෙස් හිමියන් විසින් අලවි කර ඇත්තේ ඔවුන්ගේ කිසිදු අනු දැනුමක් නොමැතිවය. 95 වියැතිව සිටින මේ සුන්දර ශිල්පියා පැමිනි මග සුන්දර විහිළුවක් නොවේ. ඔවුහු කිසි කලෙක සිනමාවෙන් මුදල් නොඉපයූහ. හින්දි ආකෘතික සිනමාව පැතිර ගිය කාලෙක හේ උඩුගම් බලා පිහිනුවේය.
තමන්ගේම නොවුණත් දීර්ඝකාලයක් විසූ තැනක් හැර යාම දුකකි. මොවුන්ගේ හෙට දවස පිළිබද රජයකට ඇති වගකීම් මොනෙවාද යන්න සිහිපත් කරවීම කලාව, සිනමාව සහ සියලු මාධ්‍යය නියෝජනය කරන ඔබ සැමගේ යුතුකම මෙන්ම වගකීමක්ද වෙයි.
මරණය නිදහඑස් චතුරස්රයේ තබන එකට වඩා ජීවත් වන්නට සුදුසු තැනක් ඔවුන් වෙත ලබා දීම ඉතා ඉක්මණින්ම සිදුවිය යුතුමය.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -