නුඹේ අම්මා ඉතා කලුයි...
1.නුවර පාරෙ කොළඹ සිට නුවර දෙසට යන විට දකුණු පැත්තෙ කඳු මුදුණේ කුරුසයක් තියෙන සොහොන කාගේ ද ?
චන්ද්‍රිකා බණ්ඩානායka /ke ද හරි ?ඒ ඇයි?
චන්ද්‍රිකා ගෙ තාත්තාගෙ තාත්තා ගෙ ආගම මොකක් ද ?
විජයගෙ ආගම කුලය මොකක් ද ?
චන්ද්‍රිකා ගෙ දුවගෙ ස්වාමිපුරුෂයා කිනම් ආගමක ජාතියක රටක පුරවැසියෙක් ද ?
ජේ.ආර් ගේ මුතුන් මිත්තන් ගේ ජාතිය ආගම මොකක් ද ?
ජේ.ආර්.ගෙ පුතා රවී ජයවර්ධන කසාද බැන්දේ ඉන්දියාවෙන් ද ?
ආර්.ප්‍රේමදාස ගෙ කුලය මොකක් ද ?
ප්‍රේමදාස ගෙ දුව කසාද බැන්දෙ මොන වලව්වෙන් ද ?
රනිල් වික්‍රමසිංහ ගේ ආගම කුමක් ද ?
මෛත්‍රී වික්‍රමසිංහ ගේ ආගම මොකක් ද ?
වාසුදේව නානයක්කාර එක්ක විග්නේෂ්වරන් ගේ නෑකම මොකක් ද ?
ශිරන්ති රාජපක්ෂගෙ ආගම මොකක් ද ?
නිරූපමා රාජපක්ෂ ගෙ ස්වාමියාගෙ නම කුමක් ද ?
බැසිල් ගෙ දරුවෙක් ඇමෙරිකන් කෙනෙක් බැන්දා ද ?
මහින්ද ගෙ චූටි පුතාගෙ මනමාලිගෙ ආගම මොකක් ද ?
2.මගුල් ගෙදර අයියාගෙ පුතාගෙ.බාප්ප ගෝඨා මගුල් ගෙදර නොයා යුතු ද ?
මෛත්‍රීපාල සිරිසේන මඟුල් ගෙදර නොයා යුතු ද ?
රනිල් මඟුල් ගෙදර නොයා යුතු ද ?
මඟුල් ගෙදරදි සම්මුඛ වූ සැණින්
මහින්ද රනිල් ගෝඨා මෛත්‍රී මරාගෙන රවාගෙන සිටිය යතු ද ?
කට්ටිය මඟුල් ගෙදර ගිය එක වැරදි ද ?
මඟුල් කියා තිබියදී නො ගිය අය ගුඩ් ද ?
මේවාට පිළිතුරු දී හෝ නො දී මිනිස්සුන්ට බණක් කියන්න භික්ෂුවක් සිටී ද ?
ටොයි බයි ඩුබයි කලවං ඇත්තෝ රට කරති.
දායක සභා ඇත්තෝ ශුද්ධ යුද්ධ ඉල්ලති.
කලවං පාලකයෝ ශුද්ධ පාලිතයෝ ඉල්ලන්නෙ ඇයි?
නිවාඩු වෙලාවක කඩුල්ල ටෙලිය බලමු.
එතකල් විසාකේස ගෙ මේ සිංදුව අහමු
උපුල් ශාන්ත සන්නස්ගල