-විසිකර ගිරි බෙයන්ද් වෙත ගිනි හුල් බත ගිලිමිනා ඇත තා, අන් නුවරකට වී සුව සේ "තුඃ නොදකින් පු.කොමසාරිස්"-
සාමාන්‍ය ප්‍රමාණයේ බඹර වද දහයක් පිළිස්සුවහොත් බඹරු මිලියනයක් මැරෙති.සීගිරියේ බඹර වදවලින් 70% ක් පමණ දැනට ගිනි තබා අලු කර තිබේ - පුවත්පතකින්
( මෙහි සඳහන්ව ඇත්තේ සංචාරකයන්ගේ හිතසුව පිණිස සිදුකළ එකී සංහාරය සැලවීමෙන් අනතුරුව සීගිරිය වෙත දස දෙසින් ඇදී ආ බඹරුන් විසින් කැටපත් පවුර මත කුරුටු ගා තිබියදී හමු වූ ගී අතරින් කිහිපයකි )
....................................................
(i)
බඹරෙක්මි, සියොවැ ආමි
ඝාතනය කළ සොයුරන් බැලීමි
හමුවනා තැනදීම සංස්කෘතික ඇමති
අනිමි
(ii)
විකෘතිව ළපටි විත් - පිළිස්සී මොළොක් අත් පා
මැරී සිටියදි පැටව්
තොටිල්ලක් තිබූ තැනකින් නැග ඒ
නොගැයූ බඹර ගී මුසු දුම් රොට්
(iii)
නිල් කට්රොල් මලට වැටුණි
කඳුළු සමග ලේ
මං එද්දිත් ගිනි ගන්නවා
පෙම්බරියගෙ ගේ
(iv)
විසිකර ගිරි බෙයන්ද් වෙත ගිනි හුල්
බත ගිලිමිනා ඇත තා, අන් නුවරකට වී සුව සේ
"තුඃ නොදකින් පු.කොමසාරිස්"
මීට කණ්ඩලම වන රොදේ "දුල්-මී " නැමති බඹරිඳුය මා
ඉතා සංවේගයට පත්
-රුවන් බන්දුජීව-