ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමෙන් නාට්‍ය දෙකක් රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටයට
“මෙවර රාජ්‍ය නාටය උළෙල අවසන් වටය සඳහා අප නාට්‍ය කණ්ඩායමේ කෙටි නාට්‍යයක් සහ දිගු නාට්‍යයක් තේරි ඇත. එකක් මා අධ්යක්ෂණ කළ ජත්‍යන්තර නාට්‍යයක සිංහල නිෂ්පාදනයකි. එය ආදරේ ඔන්චිල්ලා නාට්‍යයයි. අනෙක අප කණ්ඩායමේ තරුණ නාටයකරුවෙකු අධ්‍යක්ෂණය කල ද ස්මෙල් නම් කෙටි නාට්‍යයයි.
කණ්ඩායමක් ලෙස අප මේ පැමිණ ඇත්තේ දිගු ගමනකි. එය ඉතා වෙහෙස කර ගමනකි. ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම යනු නූතන නාට්‍ය කලාව වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමකි. අප මෙරට නාට්‍ය කලාව වෙනුවෙන් බොහෝ දේවල් එක් කර ඇත්තෙමු. ඒ අතර ෆොරම් නාට්‍ය සංකල්පය, ද්විත්ව භාෂා නාට්‍ය සංකල්පය, ඔබ්ජෙක්ට් නාට්‍ය සංකල්පය, බ්ලැක් බොක්ස් නාට්‍ය සංකල්පය ආදී කිහිපයක් වේ. එසේම ඉතිහාසය පුරා මෙරට සිදු නොවු ජාත්‍යන්තර නාට්‍ය උළෙලක්, දේශිය නාට්‍ය උත්සව දෙකක්, කුඩා රගහලක් ද වෙයි. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය කිහිපයක පුහුණුවීම් සිදු කලේ ද අප රගහලේය. ආඩම්බරයි අපට. ඒ සියල්ල කලේ අපගේ මහන්සියෙනි. ඒ ගමනෙදි බොහෝ අය සිටියහ. ඒ බොහෝ අය අද මෙතන නැති වුනත් මේ සියලූ ජයග්‍රහණ සඳහා ඔවුන්ව ද සිහිපත් කරමි. චවනයේ පරිසමාප්ත අර්ථයෙන් දැන් අප ජාත්‍යන්තර සංවිධානයකි. ජාත්‍යන්තර නිෂ්පාදන වල වල හිමි කරවන්ය. ජාත්‍යන්තර පිටපත් සඳහා නිල අවසර ලබා නිෂ්පාදන කටයුතු කරන කණ්ඩායමකි. මෙරට අපව දන්න ප්‍රමාණයට වඩා පිටරට නාට්‍යකරුවන් අපව දන්න ප්‍රමාණය වැඩිය .ඒ ගැන අප නිහතමානීව සතුටු වෙමු.
අප ජාත්‍යන්තර ආයතන ගණනාවක සාමාජිකයන්ය...
ජාත්‍යන්තර ආරාධනා එමටය....
ජාත්‍යන්තර නිෂ්පාදන සඳහා ඇරයුම් එමටය....
මෙරට එන්නට ජාත්‍යන්තර නාට්‍යකරුවන් පුල පුලා බලා සිටින්නේය...
මේ වසර සඳහා නිෂ්පාදන 05ක් සැලසුමේය...
08 වන වරටත් ජාත්‍යන්තර නාට්‍ය උළෙල මේ වන විට සංවිධානය වෙමින්
පවතින්නේය...
දේශිය නාට්‍ය සම්මේලන හා කතිකා සුදානමින්ය.....
අපේ තරුණ නාට්‍යකරුවන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර පුහුණු හා උත්සව සඳහා යෑමට සුදානමින්ය...
වසර 25ක් අප දැන් පැමිණ ඇත්තෙමු...
ඉතින් අප ගමන් කරමු මේ මාවත දිගේ...
රතු පලස් අපට නැත.. අවශ්‍යද නැත...
අපට නිහතමානීව සතුටු වෙමි.”
-මොහොමඩ් සෆීර්-