lan englan tam

යුනාබොම්බර්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තියඩෝර් කසින්ස්කි නැත්තං යුනාබොම්බර් කියන්නෙ 90 ගනන්වල ඇමරිකාවෙ බිහිවුන ත‍්‍රස්තවාදියෙක්. එයා රැන්ඩම් මිනිස්සුන්ට තැපෑලෙන් බෝම්බ යවනවා. එෆ්බීඅයි එකට වැඩිම කාලයක් පරීක්ෂන පවත්වන්න වුනේ මේ යුනාබොම්බර්ව තේරුම් ගන්න. ඒ ගොල්ලො මුලින් මේ අඥාත බෝම්බකරුවා තේරුම් ගත්තෙ යුනිවර්සිටි සහ එයාර්ලයින්වල වැඩකරන අයට බෝම්බ එවන කෙනෙක් විදිහට. ඒකයි යුනාබොම්බර් යුනි-එයාර් කියන වචන එකතු වුනු නමක් පටබඳින්නෙ. ඒත් කසින්ස්කි කියන්නෙ එයාගෙ උමතුව පිටිපස්සෙ දර්ශනයක් තිබුනු කෙනෙක්. ඇනාකිස්ට් කෙනෙක්. හාවඞ් මැතමැටිෂන් කෙනෙක්. එයාට තිබුනා දරුනු විවේචනයක් කාර්මීකරනයට එරෙහිව. ඒ වෙනුවෙන් එයා සියල්ල අත්ඇරලා කැලෑවැදුනා. කාර්මීකරනය ඇතුලෙ මිනිස්සුන්ට වහල්බවට වඩා යමක් යෝජනා නොකරන වගයි කසින්ස්කිගෙ අදහස වුනේ. එයා බෝම්බ එවන මිනිස්සු එක්ක එයාට පුද්ගලික ගනුදෙනුවක් නෑ. ඒ සංකේතාත්මක පුපුරුවාහැරීම් විතරයි. මේ හින්දම සීරියල් කිලර් කෙනෙක් විදිහට කසින්ස්කිව තේරුම් ගන්න හදන එෆ්බීඅයි එක නොමග යනවා.

එයා කැලෑ වැදිලා ජීවත් වෙන්න යද්දි තේරුම් ගන්නවා තවදුරටත් කැලේවත් විකල්පයක් විදිහට ඉතුරු වෙලා නෑ කියල. ඊට පස්සෙයි එයා සිස්ටම් එක පුපුරුවා හරින්න තීරනය කරන්නෙ. හැම බෝම්බයක්ම මිනිස් නිදහස සහ ස්වාධීනත්වය ගැන තදබල මතක් කිරීමක් වෙනවා කියන දේශපාලන අදහසක් කසින්ස්කිට තිබුන.

එයාට මේ අදහස එන්නෙ එක රාත‍්‍රියක වාහනේ පදවගෙන යද්දි. පත්තුවෙන රතු ලයිට් එකට එයා වාහනේ නවත්තනවා. නවත්තගෙන බලන් ඉන්නවා. පාරෙ කිසිම වාහනයක් නෑ. ඒ වෙලාවෙ එයාට හිතෙනවා මේ තේරුමක් නැති වැඬේ එයා කරන්නෙ ඇයි කියල. ඒ ඔබීඩියන්ස් එක නිසා. කිසිම හේතුවක් නැතත් අන්ධ අවනත වීමකට අපිව පුරුදු කරලා නිසා. මේ තේරුම් ගැනීම කසින්ස්කිගේ ජීවිතය වෙනස් කරනවා. එයා කැරලිගහන්න ගන්නවා. කැරලිගහන හැම මොහොතකම නිදහස් තමන්ව අත්පත් කරගන්නවා කියල එයා හිතනවා.

එයාගෙ මැනිෆෙස්ටෝවක් තියෙනවා. ඔන්ලයින් බලන්න පුළුවන්. මේක නිව්යෝර්ක් ටයිම්ස්වල පලකරන්න කියල එයා එවපු එකක්. ඒක හරිම ඉන්ටරෙස්ටින්ග්. පනස්වෙනි වගන්තිය මෙහෙම එකක්.

''කන්සවේටිව් එවුන් හරි මෝඩයි. ඒ ගොල්ලො සාම්ප‍්‍රදායික වටිනාකම් පිරිහෙනවා කියල කෙඳිරිගාන අතරෙම තාක්‍ෂණය ආර්තිකය දියුනු කරන දේවල්වලට එකග වෙනවා. ඒ ගොල්ලොන්ට තේරුම් ගන්න බෑ ආර්තිකය සහ තාක්‍ෂණය එහෙම වේගයෙන් දියුනු කරන්න බෑ සමාජයේ අනිත් අංශවලට දරුනු බලපෑම් ඇති නොකර කියල. ඒ වෙනස්කම් විසින් සාම්ප‍්‍රදායික වටිනාකම් බිඳවැට්ටවීම අනිවාර්යක් වග ඒ අය තේරුම් ගන්නෙ නෑ.''

-තියඩෝර් කසින්ස්කි-

ඉන්ඩස්ටි‍්‍රයල් සොසයටි ඇන්ඞ් ඉට්ස් ෆියුචර්
මේ කතාව නෙට්ෆ්ලික්ස් සීරීස් එකක සිරා විදිහට අරන් එනවා. මෑන්හන්ට්-යුනිබොම්බර් කියන්නෙ ඒ සීරීස් එක. කසින්ස්කිගෙ දර්ශනයට කොහොමවත් එකග නැති වුනත් මේ නිර්මාණශීලී දැක්මක් සහිත ත‍්‍රස්තවාදියාට මං කැමතියි. මේ දාර්ශනික බෝම්බ ගැසීම සංකේත අර්තයෙන් ඇත්තටම මිනිස්සුන්ට නිදහස ගැන මතක් කිරීමක් කරනවා කියල මං විශ්වාස කරනවා.

''මේක දේශපාලන විප්ලවයක් නෙමෙයි. මේ තුලින් ආන්ඩුවක් පෙරලා දැමීම අරමුනු කරන්නෙ නෑ. ඒ වෙනුවට සමාජයේ තාක්‍ෂණ සහ ආර්තික පදනම පෙරලා දැමීම මෙහි අරමුනයි''

(ඔත්තුවට තොත්තුව Stefhan Sebastian)

 උපුටා ගත්තකි

 

Back to top
Go to bottom

Popular News