ඒ අනූව දශකයේ අගභාගයේ දවසකි. ඒ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත් වි සිටි මම රසායන විද්‍යාව සදහා අතවශ්‍ය පොතක් මිළට ගැනීමට කොළඹ පීපලස් පාක්හි පොත් වෙළද සලකට ගියෙමි. ඒ වනවිට මා සෙවූ පොතේ තොග අවසන්වී එකම එක පොතක් පමණක් ඉතිරිව තිබිණි. එහෙත් පොතේ මිල නමි ඒකාලයේ හැටියට මහපොල හෝ ශිෂ්‍යාධාර නැතිව ගෙදරින් දෙන මුදලින් යන්තමි පිරිමහගෙන ඡීවත් වූ මට දරන්න බැරි වු මුදලකි. එහි මිල රු 950 ක් වී යැයි මතකයක් ඇත. ( ඒ කාලයේ හැටියට එය ලොකු මුදලකි
. )
එහෙත් රසායන විද්‍යාව ඉගෙනුම සදහා ඒ පොත ළග තබා ගැනීම අවශ්‍යම විය.මා ඒ ගැන සිතමින් එකෙල මෙකෙල වෙමින් සිටියදී මාළගට පැමිණි කෙනෙකු ඉංග්‍රීසි බසින් මෙසේ ඇසුවේය.
‘‘ ඔබ ඔය පොත ගන්නද යන්නෙ ? ‘‘
මම වහා හැරී බැලුවෙමි මැදිවියේ පුද්ගලයෙකු මා අසල සිටගෙන සිටී. ඇදුමෙන් ඔහු මුස්ලිමි ජාතිකයෙකුගේ පෙනුම ගත්තේය. මා සිතුවේ ඔහුත් මේ පොත සොයා පැමිණි කෙනෙකු යැයි සිතාය.එහෙත් එය පෙරලා බැලු ඔහු අය අනවශ්‍ය බව අගවමින්, ඊළගට මා විශ්ව විද්‍යාල සිසුවියකදැයි අසා මා ඉගෙනගන්නා විෂයන්ද විමසීය.
‘‘බොහෝම හොදයි ‘‘ මගේ පිලිතුර ඇසු ඔහු මා අගය කරවන හඩකින් කීය.
ඉන්පසු වෙනත් පොත් රාක්කයක් වෙත ගියේය. මා සාප්පුවේ අන්තිම පොත අයිතිකරගත්තා යැයි සැනසිල්ලෙන් තවත් පොත් කිහිපයක් පෙරල පෙරලා සිට අතේ ඉතිරිව තිබූ අන්තිම රුපියල් දහස පොත වෙනුවෙන් වැය කරන්න හිත හදාගෙන මුදල් අයකැමි වෙත ගියෙමි.
ඔහු පොත ගෙන කවරයක බහා මට දුන්නේය. මම පොතේ ගාස්තුව වශයෙන් රුපියල් දහස දිගු කලෙමි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කලේය.
‘‘පොතට දැටමත් ගෙවලයි තියෙන්නේ ‘‘ අයකැමි මා පුදුමයට පත්කරමින් කීවේය. ‘‘ අර ඉස්සරවෙලා සාප්පුවට ආවෙ මුස්ලිමි මහත්මයෙක්, මිස් එක්කත් කතා කලේ. අන්න එයා තමයි ගෙවුවේ ‘‘
මට කිසිවක් අදහා ගත නොහැකිවිය.ඒ නාදුනන මුසල්මානුවා ත්‍යාගයක් ලෙස මගේ පොතට මුදල් ගෙවා සාප්පුවෙන් බැහරවී ඇත්තේ ඔහු ගැන කිසිදු සදහනක් නොකරන ලෙස ඉල්ලමිනි. එහෙත් නාදුනන කෙනෙකුගෙන් ලැබුනු දෙයක් එසේ බාරගන්නේ කෙසේද ? අන්දමන්දවී සිටි මා දෙස බැලු මුදල් අයකැමි තෙමේ සිනාවක් නැගුවේය.
‘‘ අද සිකුරාදනෙ. එයාල පල්ලි යනවා. උදවු ඔන අයට උදවි කරනවා.. ඔය මහත්තයට හුගක් සල්ලි තියෙනවා. එයා එහෙම තමයි. මිස්ට මේ පොත අරන්දීල උදවුවක් කරන්න හිතෙන්න ඇති ‘‘
ආයෙත් ඔහු පැමිනියහොත් හදපත්ලෙන්ම මා ඔහුට ස්තුතිකල බව කියන්න මුදල් අයකැමි එකගවිය.
එදා ඒ පොත රැගෙන මා ගෙදර ආවේ බරැති හදවකතිනි. කොහේ හෝ ඔහු සිටින කැනක් සොයා ඔහුට ස්තුති කරන්න මට ඔනෑ විය. එහෙත් කඩි ගුලක් මෙන් ඇවිස්සුන කොළඹ නගරය ඇතුලේ මනුෂ්‍යත්වයේ පනිවිඩියක් තබමින් ඔහු අතුරුදන්ව සිටියේය. අදත් ඔහු කොහේ සිටිනවාදැයි මෙරට හෝ පිටරටෙකදැයි ජීවතුන් අතරදැයි මා දන්නේ නැත.
එහෙත් සරසවි දිවිය පුරා,ඒ පොත පෙරලූ වාරයක් පාසාම මට ඒ උතුම් නාදුණන මිනිසා සිහි විය. අදත් එහෙමය.
මා ඔහුට ස්තුති කල යුත්තේ මට කළ උදවුවට පමණක් නොවේ. ඔහුගේ ජාතියට හා ආගමට අයත් සියල්ලන් අන්තවාදී පටු අදහස් වුන් නොවෙන වග, හදවතේ ගැඹුරැම තැනක රදවා ඔහු යන්නට ගිය නිසාය.
‘‘ උතුම් හදවතක් ඇනි නාදුනන මිනිසාණෙනි ඔබට ස්තුතියි.
මම එතැන් සිට බෙහෝ දුර ගෙවා ආවෙම් ‘‘ ඔබ පෙන්වූ මනුෂ්‍යත්වයේ උසම කඳු මුදුණටද නැංගෙමි “
කත්‍යානා අමරසිහ
රැස 2019-05-10