''අඳුර අඳුර මගේ,
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවී දා
තනිකර එළියේ
ඝන රෑ කළුවර- තනියම කුටියේ
ගත කළ දිවියේ- රස තැන් සිහිවේ
කුටියේ කෙළවර- එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ- දිවියට ලංවේ"
මේ අමුතු වූත්, අපූරුවූත් හඬ ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඇසුනේ 1972 වර්ෂයේදී පමණය. රෝහණ ප්‍රනාන්දු නම් ගේය පද රචකයෙකුගේ වදන් වැලකට, මෙය ගීතවත් කරමින් ගැයුවේ ප්‍රියා සූරියසේන නම් තරුණ ගායකයාය. මෙවැනි දුර්ලභ වූ හඩක් මින් පෙර නොඇසූ නිසාත්, මේ ගීතයේ තනුවත්, පදවැලටත් වඩා අර හඩ ආකර්ෂණීය වූ හෙයින් එකල ගුවන්විදුලි ශ්‍රාවකයන් එක රැයින් ඔහුගේ හඬට පෙම් බැන්දහ.
"හෙට දවසේ ,අප දෙදෙනා, අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත්
ගෙන ආ යුතුවේ.
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදී ආදරයයි
මගෙ ජීවිතයම, නෞකාවක් නම්
ඔබ එය සුරකින සාගරයයි."
ප්‍රේමකීර්ති ද අල්විස් ගේ රචනාවකට, තනුවක් යොදා ගායනා කළ ප්‍රියා සූරියසේන ගේ මෙම ගීතය ප්‍රේමවන්තයන් දැඩිව වැළදගත් ප්‍රේමනීය වූ ගීතයක් විය.
"සරතැස නිවා දිවි කතරේ
ඔබ හමුවුනා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමුවුනා මට සොඳුරේ"
ප්‍රේමකීර්ති ද අලවිස් ගේ පදමාලවකට ප්‍රියා සූරියසේන විසින් සංගීතය සපයා ගැයූ ඉහත ගීතයද ඔහුගේ මුල් ගී තැටියට අයත් වූවෙකි.
"බිඟු වැලපීලා, මල් පරවීලා
තරු ගිලිහීලා, සඳු සැඟවීලා
අඳුරේ වෙලිලා, මග නොපෙනීලා
ඇය වෙන්වූවා, මා තනිවූවා"
කේ.ඩී.කේ.ධර්මවර්ධන ගේ පදරචනයකට, ප්‍රියා සුරියසේනගේ තනුව හා සංගීතයට ගැයුනු එම ගීතයද ප්‍රියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැන්මට මනා පිටුවහලක් විය.
"සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල පිටවී යොවුන් කුමරියන්
පෙළින් පෙලට ඒ,ඈ තාම නැහැ
ඈ තාම නැහැ"
සුනිල් ආර් ගමගේගේ පද රචනයට ගැයූ එම ගීතයත්,
"මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැර දා ඔයා
ඔබ මගෙ යැයි කියා
සිතුවේ ,පැතුවේ, බොරුවටද ඔයා"
ඩොනල්ඩ් අයිවන්ගේ පදමාලාවකට ගැයූ එම ගීතයත්
"ඈත දිනයකදී, ගීත සාදෙකදී
නෙතඟ නෙතඟ පැටලි පැටලි
දොඩමළු වූ දා,
එදයි රේණුකාගෙ
මතක ලොවේ මා තනිවූදා"
මෙන්ම
"මට වාසනා, ඔබ මට වාසනා
උපනූපන් හැම ආත්මයේ
ඔබ මට, මට ඔබ වාසනා"
එලෙසම ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනයක් වූ
ආදරණීය නේරංජනා,
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ඔබෙ මුදු මදහස් රැළි මාලාවේ
වෙළී බැඳුනු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යලි ඔබ දැකුමට ආ වේ ලාවේ"
එමෙන්ම
"ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉද හිටලා, බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්"
වැනී ගීත සමුඡ්වියන් තුලින් ප්‍රියාසූරියසේන ගීත ක්රේෂතය තුළ ස්ථාවර විය.
එහෙත් ඔහු දැඩිලෙස ජනප්‍රියත්වයට පත් වූයේ නම් ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ මෙම ගීතය තුළිනි.
"රටකින් එහා ඉඟිලී,
තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා
හැර යන්නේ මා
අද මෙන් ළදේ හෙට නෑ
හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ"
මෙම ගීතය ප්‍රියා සූරියසේනව ලාංකේය ගීත ක්රේෂ්තයේ ඉහළම තැනක තැබුවේය. ප්‍රියා සුරියසේන රැල්ලක් බිහිවූයේද ඔය ගීතයෙන් පසුවය.
" ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැඳි
මුදු සීත හිම මුදුන් අතරින්
එඹී බලනවා හා හා හා හා හා"
රෑට තරු දහස් ගනන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට, අද රෑට, අද රෑට දිලෙනවා
හාහාහා හා හා "
ප්‍රේමකීර්තිද අල්විස්ගෙ පද රචනයට ක්ලැරන්ස් විජේවර්ධන ගේ සංගීතයට ප්‍රියා සූරියසේන ගැයු මෙම ගීතය ඔහුගේ ගායන දිවියේ ප්රබලතම හැරවුම් ලක්ෂනයක් විය. එතෙක් සරල ගී අතර සැරි සැරූ ප්‍රියා, බටහිර පොප් ගීතවලට හැරුනේ එම ගීතයෙනි. අද්විතීය වූ ජනප්‍රියත්වයක් ඔහු මෙම ගීතයෙන් ලබා ගතී.
"ඇසුරෙන් මිදීලා, ඔබගේ ලොවේ හී
සැගවී සිටිමි මා වෙන්වී මෙසේ
නොමැකී තියේ දෝ, ඔබගේ ලයේ හී
මගෙ ආදරේ, මා යලී, එන තුරා"
'රටකින් එහා' ගීතය ලද ජනප්‍රියත්වයෙන්, එයට සමාන ගැයූ ගීතයක්ය ඒ 'ඇසුරින් මිදීලා' ගීතය.
"මගේ ලැමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා
බලා සිටිනවා
ඒ යහනේ, ඔබ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා"
ඩොනල්ඩ් අයිවන්ගේ පද මාලාවකට, ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට ගැයූ එම ගීතයද, ඉමහත් ජනප්‍රියත්වයකට පත් විය.
ප්‍රියා සුරියසේන නිරංජලා සරෝජිනි පීරිස් සමඟ අජන්තා රණසිංහගේ පද මාලාවකට හරි අපූරුවූ යුග ගීතයක් ගැයුවේය.
"ගෙල වට බැන්දාවු මුතුපොටේ
දිස්නෙට මුහුණේහී ඔප වැටේ
ඔසරි නෙරියට, නලල් තිලකෙට
බැන්ද සිත පෙම් ආනන්ද වේ
කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා තව ඇතේ
රුවැති ළදකට, තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ"
එලෙසම අමතක නොකල හැකී සුන්දර ගීත කීපයක් ඔහු මෙසේ ගැයූවේය.
''හදවත ඉල්ලා, නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හදවත තෙරපී
මිතුරියේ ඔබ කෙලෙසක හෝ
අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී"
මෙය ඩොනල්ඩ් අයිවන්ගේ පදමාලාවකට, ස්ටැන්ලි පීරිස් විසින් සංගීතය සැපයූවෙකි.
'ප්‍රනීත මී පැණි ගෙන ආවත්
විස නැත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙළුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරෙ
ගඟ රැළි නංවනවා"
ප්‍රේමකීර්තිද අල්විස්ගේ පද රචනයකට ප්‍රියා සුරියසේන ගැයූ ගීතයකි එය.
'සැන්දෑයාමේ, එක්වූ යාමේ
මන්ද්රාකිණිය්, පෙම් රන්තරුවේ
සංසුන් වෙරළේ, දෙන්නා රහසේ
ලංවී හිඳිමු, මේ සීමාවේ"
තවත් ගීත කීපයක් මෙසේය.
"දුරක පාවී ගියා
නෙතක ආරාධනා
සිතක වේදනා සදා
පැතුම පාවී ගියා"
xxxxx
"ආපසු එනවා මගෙ සිත ඉඹි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ, කෙලෙස කියන්නද මං
මගෙ සිත හඬන තරම්"
xxxxx
"පැතුම් පිරීලා , උතුරා යනවා
ඇය අද එනවා, හමු වේදෝ
සිතක් පිරීලා,
ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා
සැනසේදෝ"
xxxxx
"සිහින විජිතයේ
සරන්නේ සදා
හමුවන්න පියවි විජිතයේ ජීවිතේ
හිම වතේ සිසිළ ඔබයි සිතමි
වන මලේ සුවඳ ඔබයි සිතමි
සතුටු පිරි සාගරේ
සඳ කැන් ඔබයි ආදරේ"
xxxxx
"මල් සර හිනාව,
පෙම්බර කථාව කාගේදෝ
කියන්න උමාව, කියන්න ඔබේද ගී රාවේ
මෙහි එනු මැන ගයන්න
මා හා පෙම් යුග ගීතේ"
xxxxx
"මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි මට සිතේ"
xxxxx
"සඳ තාරුකා හඬාවි
සුදු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා"
xxxxx
"ආදරේ කියා කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියනු පිය කතේ
සාගරේ රැළි වගේ ආදරේ පිරී
වැලි කතරේ යාවී බිදී"
xxxxx
"හිරුද මුවාවී, ලැසි ගමන බලාවී
හිරුද මුවාවී, ලැසි ගමන බලාවී
කිංකිනි හඬ පරදන කැකිරි පැලෙන
ටිකිරි සිනා
හිරුද මුවාව, ලැසි ගමන බලාවී"
xxxxx
කෙතරම් මධුර හඬක් ප්‍රියා සූරියසේනට තිබුනද, ඔහුගෙ හඬ ලාංකේය සිනමාවට එතරම් ගැලපුණේ නැත. විශේශයෙන් නළුවන්ට එම හඬ උචිත නොවූ හෙයින් ,ඔහුට ලාංකේය සිනමා ගායනය තුල ලැබුණේ ඉතාමත් අඩු ගීත සංඛ්‍යාවකි. ඒවාද තනි ගී වශයෙන් නොලැබුණි.
"ඈතින් ඈතට" චිත්‍රපටයේ සරත් දසනායකගේ සංගීතයට ඔහු මිල්ටන් මල්ලවආරච්චි සමඟ ගැයූ ගීතය ඉමහත් සේ ජනප්‍රිය විය. ඔහු එහිදී හඬ දුන්නේ විමල් කුමාර ද කොස්තාටය.
'කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ
තරු පළදා, මුතු පළදා,
තරු මුතු වැල් පළදා
ටිකිරි කාලේ ගී ගැයූවේ
වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යයි
නෙළුම් විල්යායේ
සඳ නැගිලා, මල් පිපිලා
වැව්තෙරේ ආයේ"
එලෙසම , සරත් දසනායකගේ සංගීතයටම "මල් කැකුළු" චිත්‍රපටයට ග්‍රේෂන් ආනන්ද හා ශ්‍යමි ෆොන්සේකා සමඟින් බටහිර හුරු ගීතයක් ගැයුවේය.
"බිදු බිදු කඳුළු සලා
පාළු වීලා ජීව්තේ මේලා
බිදු බිදු කඳුළු සලා
ආදරේට ආදරේ පාලා
ඕ හිනැහිලා
සිතුසේ රඟදුන් කුමරෙක් උන්නා රූ සලා
සිඳු සිඳු කදුළු ගංගා
ආදරේට ආදරේ පාලා"
xxxxx
'ලා හිරුගෙ සේයාවෝ
නෑසූ කථා, නෑසූ කථා
රෑ සිහින මායාවේ
පාවී ගියා, පාවී ගියා
සඳ කුමරුන් අත හැර ගිය
තරු පිරිවර ලොව තනිවිය
අඳුර ලියලලා බොඳ වෙලා
එකම මඟකි,ඇදුනු ගඟකි
බෙදුනු තැනකි, ඉවුරු දෙකකි
ලා හිරුගෙ සේයාවෝ
නෑසු කථා,නෑසූ කථා"
ප්‍රියා සුරියසේන ගැයූ මෙම ගීතයද අයත් වූයේ "මල් කැකුළු" චිත්‍රපටයටය. එයද ඔහු ගැයුවේ ශ්‍යමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද ඇතුළු පිරිස සමඟය.
ප්‍රබල ගායන පුරුෂත්වයක් මෙන්ම තමන්ටම හිමි අද්විතීය අනන්‍යතාවයක් හිමි ප්‍රියා සුරියසේන ගේ දශක 4කට වැඩි මධුර චාරිකාව තුළ තව ගීත ගනනාවක් ඇත. ඒ හැම ගීතයක් තුලම රැදී ඇත්තේ එකිනෙකට වෙනස් සුන්දරත්වයක්ය. තව චිරාත්කාලයක් මෙකී සුන්දරත්වයත් සමඟ ප්‍රියා සුරියසේන නම් ඒසොඳුරු ගායකයා ඉදිරියටත් අප ජීවිත හා නිරන්තරයෙන්ම බද්ධ වනු ඇත.
ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි.