'' නිදහසේ ගීතය ''වසරේ හොදම ඡායාරූපය 2019 ඇගෝරා ඡායාරූප උලෙළ
නිදහසේ ගීතය මයිකල් අබෝයාගේ ඡායාරූපයකි. 2019 ඇගෝරා ඡායාරූප උලෙළේ විශිෂ්ටතම ඡායාරූපය සදහා රටවල් 193ක ඡායාරූප 130,000 ක් තරග වැදී තිබිණි. ඔහුගේ ‘නිදහසේ ගීතය’ ඡායාරූපය ඡන්ද 500,000 කට වඩා රැස් කර ගත් අතර වසරේ හොඳම ඡායාරූපය ලෙස තේරී පත් වී එය කතුවරයාට ජීවිතය වෙනස් කරනු ලබන ඩොලර් 25,000 ක ත්‍යාගයක් බවට පත්විය.
ඝානා අගනුවර වන ඇක්රා හි වෙරළබඩ කොටසේ පිහිටා ඇති පැරණිතම ප්‍රදේශවලින් එකක් වන ලාබාඩි හි 'නිදහසේ ගීතය ' ඡායාරුවට ගෙන තිබිණි. නමුදු මයිකල් ඝානා ජාතිකයෙකු නොවේ. ඔහු නයිජීරියානුවෙකි. එහෙත් මෙම වෙරළ තීරයේ වෙසෙන ධීවර පවුල්වල දේශීය ළමයින් සැමවිටම මයිකල්ට ආශ්වාදයක් විය. ඔවුහු දුගී වුවද මුහුදු වෙරළේ සැදෑවට ගී ගයමින් නොයෙකුත් ඉරියව් පාමින් ගීතවලට රඟ දක්වති. ඒවා බැලීම මයිකල්ට ප්‍රිය උපදවන දසුන් විය. මයිකල් කළේ මෙම දරුවන්ගෙන් එක් අයෙක් අතට සිය මිතුරා සතු වයලීයනය තැබීම ය. මයිකල් අබෝයා ගෙදරදී නිතර ඇසූ බොබ් මාලිගේ නිදහසේ ගීතය මේ දරුවන් ඔහුට මතක්කරලී ය . ඡායාරූපයට නම වැටුනේ එසේය.
"නිදහසේ ගීතය” යනු ප්‍රබල ප්රතිවිරෝධතා සහ බුද්ධිමත් සංයුතියකින් යුත් කැපී පෙනෙන රූපයකි. අසරණ අප්‍රිකානු දරුවෙක් පුළුල් අහසක් යට වයලීනය වාදනය කර යි. එය හිරු උදාව හෝ හිරු බැස යෑම පෙන්නුම් කරන අතර එයම යුගයක ආරම්භය හෝ අවසානය සංකේතවත් කර යි. ඔහුට පිටුපසින් තවත් දරුවන් හතර දෙනෙක් සිටියි. ඔවුහු දෑස් පියාගෙන, ඔවුන්ගේ මිතුරා විසින් වයන තනුවට අනුව එක් අතක් ඉහළට ඔසවාන යම් අභිනයක යෙදෙති. එකී තනුව සමහරවිට නිර්මාණය, බුද්ධිමය, සාමකාමීත්වය, උත්සාහය සහ අභිමානය හෝ සාධාරණ අනාගතයක් ජය ගැනීම වැනි හැඟුමක් උපදවන තනු නිර්මාණයක් විය හැකි ය. ඔව්, එය අප්‍රිකාව යි... අවදිවන අප්‍රිකාව යි...
සටහන : උපාලි ජයසිංහ