lan englan tam

බැලුවට පස්සේ කියවන්න - ජවාන්  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
‘ජවාන්’ භීෂණයෙන් තුන්පාරක්ම උද්දාමයට පත්වුණාට පස්සෙයි ඒ ගැන ලියන්න පටන් ගන්නේ. Shah Rukh Khanගේ කම්බැක් එක සනිටුහන් වෙන ෆිල්ම්ස්වලින් මං ඇත්තටම මග බලාගෙන හිටියේ අවුරුද්ද මුල ආව ‘පඨාන්’ එනකංවත්, අවුරුද්ද අග හෝ ලබන අවුරුද්දේ එන්න තියෙන ‘ඩන්කි’ ගැනවත් නෙවෙයි, ඇට්ලීගේ ‘ජවාන්’ ගැන. ගිය අවුරුද්දේ ජූනිවල දීපු අනවුන්ස්මන්ට් ටීස’ එකට මට ගොඩක් ආස හිතුණා, මොකද ඒකේ ශාරුක්ට තිබුණු අලුත් ලුක් එක නිසා. ඔලුවම බැන්ඩේජ් කරලා, රතු කැෂුවල් කෝට් එකක් ගහලා කෲ පෑන්ට්ස් එක්ක බූට්ස් දාලා හිටිය ඒ ලුක් එක ඇතුළේ අම්මටසිරි වෙන විලන් කෙනෙක්ව මවලා තිබුණා. ෆිල්ම් එක රිලීස් වෙනකංම කතාව හරියට රිවීල් නොකර තියාගත්ත එකෙන් හයිප් එක හැදෙන්න ලොකු උදව්වක් ලැබුණා. ඒකත් එක්ක මේ ලුක් එක දිගේ ශාරුක් ෆෑන්ස්ලා ලොකු ට්රිප් එකක් ගියා. ‘ඩොන් 2’ ආවට පස්සේ ශාරුක්ව ඇන්ටි හීරෝ කෙනෙක් විදිහට ලොකුවට එස්ටැබ්ලිෂ් වුණේ නෑ. 2015 ආව මෝඩ ‘දිල්වාලේ’ ගත්තත්, ‘රයීස්’ ගත්තත්, මැර සීන් එකට ලොකු ඉඩක් ලැබුණට ඒකෙන් ශාරුක්ට ලොකු ඉම්පැක්ට් එකක් මිනිස්සුන්ට දනවන්න පුළුවන් වුණා කියලා මං හිතන්නේ නෑ. නමුත් ‘ජවාන්’ එකේ බැන්ඩේජ් ඇවටා එක ඇතුළේ තුවක්කුයි බිම්බෝම්බයි වෝකි ටෝකියි වට කරගෙන බේස් එකක් හදාගෙන ඉන්න එකෙන් මොකක් හරි ලොකු ගේමකටයි රෙඩි වෙන්නේ කියන එක පේන්න තිබුණා. ට්රේල’ස් ආවට පස්සේ, බැන්ඩේජ් ගැලෙව්වම ඉන්නේ තට්ට ශාරුක් කෙනෙක් කියන එකෙන් ආතල් එක තවත් වැඩි වුණා. ‘ඩන්කි’ එකේදී ශාරුක්ගෙන් අපි හැමෝම එක්ස්පෙක්ට් කරන “ශාරුක් ඛාන්” ඉස්මතු කරන්න රාජ්කුමාර් හිරානිට පුළුවන් කියන එක ෂුව’. නමුත් ඇට්ලී ‘ජවාන්’ ඇතුළේ ශාරුක්ව එක එක ඇවටාස්වලින්, රැවුල ඇතුව, රැවුල නැතුව, කොණ්ඩෙ ඇතුව, කොණ්ඩෙ නැතුව, කොන්ඩෙ දිගට, ඔලුවෙයි මූණෙයි බැන්ඩේජ් ඔතලා, මුළු ඇඟම බැන්ඩේජ් කරලා, මූණෙන් පලුවක් වැහෙන්න මාස්ක් එකක් දාලා, එක එක පැතිවලට ගෙනිහින් ප්ලේස් කරලා දීලා තියෙන වෙනස සැපයි.
ප්ලොට් එක ගත්තහම මේක ඇතුළේ ඇට්ලීගේ ‘රාජා රානි’ ඇරුණම, ‘තෙරී’, මෙර්සල්’, ‘බිගිල්’, ‘සර්කාර්’ ඇතුළු හැම ෆිල්ම් එකෙන්ම සහ ‘ආරම්බම්’ එකේ ඇතුළු තවත් ෆිල්ම්ස්වල කෑලි ඇඩ් කරලා හදපු ප්ලොට් එකක් කියන කාරණේ පේන්න තියෙනවා. මෙට්රො හයිජැක් සීන් එකේදී කෙල්ලො ටික ඉන්ට්රඩියුස් කරලා දීපු විදිහ, මාස්ටමයින්ඩ් එක විදිහට, චීෆ් විදිහට අසාඩ් වැඩ කරන විදිහ, පොලිසියත් එක්ක නෙගෝශියේට් කරන විදිහ සහ පස්සේ තමන්ව අල්ලන්න එන පොලිස් කෙල්ල එක්කම යාළු වෙන එක වගේ දේවල් බලනකොටම මට මතක් වුණේ ‘මනි හයිස්ට්’. ඒකට ඒ සීන් එක පටන් ගද්දී යන බැක්ග්රවුන්ඩ් මියුසික් එකේ තියෙන ස්පැනිෂ් ෆීල් එකත් හේතුවක්. ෆිල්ම් එකේ අන්තිමට සෙට් එකම ගිහිල්ලා ඉන්නෙත් ස්පැනිෂ් වයිබ් එකක් තියෙන පැත්තක. ඉතිං ඒවා මනි හයිස්ට් එකෙන් ඉන්ස්පය’ වෙලා කරපුවා. වික්රම් රාතෝර්ට බෙහෙත් කරද්දී කූඹි දාලා තුවාල මහන එක ‘ඇපොකලිප්ටො’ එකෙන් එහෙම්ම අරගත්ත කෑල්ලක්. ඒ මදැයි, කතාව මැද්දේ දුටුගැමුණු කුමාරයා යුද්ධ කරපු විදිහත් නම නොකියා කියලා දැම්මා. කිරිබත් වෙනුවට බතුයි පරිප්පුයි උණු උණුවේ කාලා අත පුච්චගත්තා කියලා කිව්වට, කතාව එකයි. ඒවා නං එච්චර අවුලක් නෑ, දුටුගැමුණු ඇත්තටම කෑවේ කිරිබත්මයි කියලා අපි දන්නෙත් නෑනේ. තව අවුරුදු 200ක් 300ක් ගිහිල්ලා සමහරවිට කියයි දුටුගැමුණු කුමාරයා අත පුච්චගත්තේ ෆ්රයිඩ් රයිස් එකක් කන්න ගිහින් කියලා. ඉතිහාස කරුණුවල හැටි එහෙමයි. කෙල්ලෝ හයදෙනාගේම බැක්ස්ටෝරි ටික දැනගන්න තිබ්බා නං, ටික ටික හරි, ප්ලොට් එක කම්ප්ලීට් කියන ෆීල් එක එන්න තිබ්බා. අර හැක් කරන කෙල්ල එහෙම හිරේට ආවේ කොහොමද කියලා දැනගන්න මට ආස හිතුණා. කොහොම වුණත්, මේ වගේ කෑලි ගොඩක් එකතු කරලා හදපු ‘ජවාන්’ ප්ලොට් එක අලුත් නෑ. මේක ටැමිල් ඕඩියන්ස් එකට කිසිසේත්ම අලුත් නෑ. නමුත් මේක හරිම එන්ටටේනිං ෆිල්ම් එකක්. ප්ලොට් ට්විස්ට් එක්ක හොඳටම එන්ජෝයි කරන්න පුළුවන් පට්ට මාස් ෆිල්ම් එකක්.
මාස් ෆිල්ම් එකක හරි වැරදි දිග පළල හොයන එක බොරු වැඩක්. මාස් ෆිල්ම් හදන එකේ ප්රධාන අරමුණ වෙන්නේ හෝල් එකට එන මිනිස්සුන්ට දෙන්න පුළුවන් උපරිම ආතල් එකක් දෙන එක. ජවාන් ඇතුළේ ඒක උතුරු ඉන්දියාවට උපරිමෙන්ම දෙන්න ඇට්ලීට පුළුවන් වෙලා තියෙනවා. උතුරු ඉන්දියාවේ දැවැන්තම සිනමා තරුව ජීවිතේට නොදැකපු විදිහකින් ස්ක්රීන් එක පිරෙන්න අත පය විසි කරනවා, හරියට කොලිවුඩ් පොරක් වගේමයි. මුම්බායිවල ෆිල්ම්හෝල් ඔක්කොම චෙන්නයි ෆිල්ම්හෝල් වෙනවා. මිනිස්සු ස්ක්රීන් එක ගාවට ගිහින් ශාරුක් එක්කම ‘සින්දා බන්දා’ තාලෙට නටනවා, ‘රමයියා වස්තාවයියා’ තාලෙට නටනවා. ඒක හින්දි මිනිස්සුන්ට වෙනස්ම ආතල් එකක්. ස්පෙෂලි වික්රම් රාතෝර් ආවට පස්සේ. වික්රම් රාතෝර් කියන්නේ ශාරුක් ඛාන්ගේ අනාගතය. තව අවුරුදු 15ක් යනකං ශාරුක්ව පරිස්සම් කරන රෝල් එක. ඇට්ලී ‘ජවාන්’ ඇතුළේ ශාරුක්ගේ අනාගතය සොලිඩ් කරපු විදිහට මම හුඟක් කැමතියි. මේ වෙලාවේ ඉන්න ශාරුක් එක්ක නාකි ශාරුක්ව එකට එක ළඟ ප්ලේස් කළා. දැන් අපිට නාකි ශාරුක්ව ඔලුවට ගිහින් ඉවරයි. නිකං නෙවෙයි, මාර පොරක් විදිහට. සිගා එකක් පත්තු කරගෙන, හෙඩ්සෙට් එකකුත් ගහගෙන, වැඩි කලබලයක් නැතුව දුමක් දාගෙන සැපේ ඇවිත් මැරයන්ව සම්බෝල කරලා සමතලා කරලා දාලා යන, හෙන චිල් එකේ ඉන්න ආතල් සීයා කෙනෙක් විදිහට ශාරුක්ව අපේ මතකේ අස්සට දැන් රිංගලා ඉන්නේ. ඒක ඉස්සරහට ශාරුක්ගේ ගමනට ලොකු උදව්වක් වේවි.
සේදුපතිගේ විලන් කැරැක්ට’ එක කාලි, ලැබිලා තියෙන ස්ක්රීන් ටයිම් එක හොඳට යූස් කරනවා උතුරු ඉන්දියාවට තමන්ව ඉන්ට්රඩියුස් කරන්න. සේදුපතිව දැන් විලන් කෙනෙක් විදිහට එකදිගට දකින්න ලැබෙනවාදත් මන්දා. ඒ නිසා ටිකක් ඊසි අරගෙන තියෙන පාටකුත් පේන්න තියෙනවා. හැබැයි කත්රිනා කයිෆ් එක්ක කරපු ‘මෙරි ක්රිස්මස්’ ෆිල්ම් එක රිලීස් වුණු දවසට සේදුපතිගේ විලන් වෙනුවට ආපහු මේන් ඇක්ට’ මතු වේවි. නයනතාරාත් තමන්ගේ ස්ටාඩම් එක ලස්සනට ප්ලේ කරගෙන තමන්ගේ පළවෙනි බොලිවුඩ් ෆිල්ම් එක ඇතුළේ ලකුණු දාගන්නවා. නමුත් දීපිකා පාදුකෝන් එන්ට’ වුණත් හරි, ෆිල්ම් එකේ කල’ එක හරිම ලස්සන තැනකට යනවා. ශාරුක් - කාජල් කෙමිස්ට්රියට පස්සේ ෆිල්ම්වලට හොඳටම සෙට් වුණේ ශාරුක් - දීපිකා කෙමිස්ට්රිය. හරියට බැලුවොත් දීපිකාගේ අයිෂ්වර්යා කැමියෝ එක තමයි ෆිල්ම් එකේ මේන් කැරැක්ට’ එක. අසාද් තමන්ගේ මුළු මිෂන් එකම ගෙනියන්නේ අම්මාගේ අවසන් කැමැත්ත ඉෂ්ඨ කරන්න. තාත්තාගේ මතකේ ආපහු ආවට පස්සේ පුතාව බදාගන්නකොට බැක්ග්රවුන්ඩ් එකෙන් ‘අරාරරී රාරෝ’ සිංදුවේ මයිල්ඩ් ව’ෂන් එකක් යන්නෙත් ඒ නිසයි. දීපිකා දීපු වැලියු ඇඩිෂන් එක ෆිල්ම් එක සෙකන්ඩ් හාෆ් එක ඉස්සරහට ගෙනියන්න ලොකු උදව්වක්. සන්ජේ දත්ගේ කැමියෝ එක කතාවට ලොකු දායකත්වයක් නැති වුණාට පරණ නළුවෙක් කාලෙකින් ආපහු දකිනකොට එන ලල් එක දැනුණා. ඩන්කි එකේ මුන්නා භායි විදිහටත් සංජේ දත් එන්න ඉන්නවා කියලා තියෙනවා මං බොලිවුඩ් සයිට්ස්වල දැක්කා. ශාරුක් එක්ක තියෙන හිතවත්කම නිසා, ශාරුක්ට මුල කාලේ උදව් කරපු නිසා, ෆිට් එකට දීපු කැමියෝ එකක් විදිහටයි සංජේ දත්ගේ කැමියෝ එක මං දැක්කේ.
අනිරූද්, හැමදාමත් වගේ තමන්ට භාරදුන්නු ඩියුටිය කන් අඩි පැලෙන්න දීලා තියෙනවා බැක්ග්රවුන්ඩ් මියුසික්වලින්. ජවාන් ටයිට්ල් ට්රැක් එක, වික්රම් රාතෝර්ගේ එන්ට්රියේ ට්රැක්ස් වලිවලටම සෙට් වෙන්න හදලා තියෙනවා. සිංදු ඉතාම හොඳයි, නමුත් නෙක්ස්ට් ලෙවල්ම නෙවෙයි. මං හිතන්නේ කොලිවුඩ් ඉඳලා බොලිවුඩ්වලට එනකොට ෆීල් එක වෙනස් කරන්නේ කොහොමද කියන එක තාමත් හුරුවෙන ගමනුයි ඉන්නේ, තව ඉස්සරහට යනකොට අනිරූද්ට ඒක අහුවේවි නිලේටම, නමුත් ස්ටාට් එකක් විදිහට මේක ඉතාම හොඳ මියුසික් ට්රීට්මන්ට් එකක්.
බොලිවුඩ් ෆිල්ම් එකක දැකලා නැති විදිහේ හොඳ ස්ටන්ට් කෝරියෝග්රැෆි සහ ස්ටන්ට් එඩිට් එකක් ‘ජවාන්’ ඇතුළේ තියෙනවා. ඒක හොඳට ප්ලෑන් කරලා කරපු බව ෆිල්ම් එක ආයෙ ආයෙ බලද්දි පෙනුණා. ඒ වගේම හැමදාමත් වගේ ඇට්ලී අපිට දෙන සමාජ මෙසේජස් ටික ජවාන් ඇතුළේ තියෙනවා. නැති බැරි මිනිස්සුන්ට පිහිට වීම, දූෂිතයන් එළවා දැමීම, ඡන්ද අයිතිය කොච්චර වටිනවාද, විමෙන් එම්පවමන්ට් වගේ දේවල් ඔක්කොම මේ සැරෙත් වෙන හැඩයකින් තියෙනවා. ලබන අවුරුද්දේ ඡන්දේ කාලෙට, ශාරුක් ‘ජවාන්’ අග හරියේ දෙන ඡන්ද මොනොලොග් එක ලංකාවේ හැම ෆේස්බුක් කමියුනිටි පේජ් එකකම සිංහල සබ්ටයිට්ල්ස් එක්ක අප්ලෝඩ් වෙලා තියේවි, ඒවා ලක්ෂ ගණන් ෂෙයා වේවි, සහ ඒක ෂෙයා විය යුතුයි. ශාරුක් කියන කාරණේ අපිට ඒ විදිහටම ඇප්ලයි වෙනවා. මට රට භාරදෙන්න කියලා අපි ළඟට එන අයගෙන්, ඡන්දෙ දාන ඇඟිල්ල දික් කරලා, මොනවද ඔයාලා අපි වෙනුවෙන් කරන්නේ කියලා ප්රශ්න කරන්න කියන මෙසේජ් එක හරිම පව’ෆුල් විදිහට ‘ජවාන්’ ඇතුළේ ගේනවා. එන්ඩ් එක තව මීට වඩා ක්රාෆ්ට් කරන්න තිබුණා කියලා මට හිතෙනවා. සේදුපතිව එල්ලුම් ගහ ළඟට ඇවිදන් එක්කන් එනවා වෙනුවට තාත්තයි පුතයි දෙන්නා එකතු වෙලා බිම දිගේ ඇදගෙන ආවා නං, ඊට වඩා ඒ සීන් එකට මැච් වෙනවා කියලා මට හිතෙනවා. ඒත් මං කිව්වත් වගේ, මාස් ෆිල්ම් එකක දිග පළල හොයන එක තේරුමක් නෑ. හැබැයි ෆයිනල් සීන් එක ටිකක් ක්රාෆ්ට් කරන්න තිබ්බා.
ඊතලයක් වුණත් දුන්නෙන් පිටිපස්සට ඇදෙන තරමටයි වැඩියෙන් විදලා ඉස්සරහටම යන්නේ. අවුරුදු ගාණක් පස්ස ගහලා ෆේල් වුණු, කාලෙ ඉවරයි කියලා හංවඩු ගැහුණු ශාරුක්, කිං ඛාන් විදිහට ආයෙත් ඉපදුණා. ශාරුක්ව සිනමාව ඇතුළේ කාටවත් ප්ලේස් කරන්න බැරි වුණු ලෙවල් එකකින් ඇට්ලී ශාරුක්ව උස්සලා තිබ්බා. මමත් ප’සනලි හිතුවේ නෑ කවදාවත් ඩොන් ට එහා යන කැරැක්ට එකක් ශාරුක්ගෙන් එයි කියලා. නමුත් වික්රම් රාතෝර් චිල් එකේ වැනි වැනි ආවා ස්ක්රීන් ගිනි තියාගෙන. කොටින්ම, අවුරුද්ද මුල ආව ‘පඨාන්’ ගැන මිනිස්සුන්ට දැන් මතකත් නැති තරම්. ඒ තරමට ‘ජවාන්’ මිනිස්සු අතරට ගියා.
කෑගහලා උඩ පැනලා මගේ වීරයාගේ කම්බැක් එක උපරිමෙන්ම එන්ජෝයි කරපු, ඇඟපත රිදෙන ලෙවල් එකට බලපු මසාලා බොලිවුඩ් ෆිල්ම් එකක්.
රෙඩී...
8/10
ප.ලි.
ශාරුක්ට තාමත් කාවේරි අම්මාව මතකයි.
- ෂෙනාල් ගුණසේකර -

 

Back to top
Go to bottom

Popular News