lan englan tam

බොහෝ දෙනෙකුගේ All Time Favorite ලිස්ට් එකට යාමට නියමිත 'මහරාජා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
මිනිස්සු ප්රචන්ඩ සහ කම්පිත අවසානයන්ට කැමතියි!
 
මේ හෑල්ල ජනප්රිය මාතෘකාවෙන් පිටවෙන්න පුළුවන්. හැබැයි මේ ටික නොකියා මහාරාජා ගැන වචනයක් කියලා තේරුමක් නෑ. මහරාජා ඉවර වෙන්නේ දරාගන්න බැරි ප්ලොට් ට්විස්ට් එකකින්. ඒ ප්ලොට් ට්විස්ට් එක ​වඩාත් හැඟුම්බර වගේම බර විදිහට අපිට දැනෙන්නේ ඒක ප්රචන්ඩ නිසා කියන එකයි මගේ අදහස. ඒ ඇරෙන්න මහාරාජා කියන්නේ "මාර චිත්රපටයක්" නෙමෙයි.

හැබැයි එක දෙයක්. ෆිල්ම් එ​කේ සේතුපති පේන පළවෙනි දර්ශනයේ ඉඳලා අවසානය වෙනකන් ඒ ඇක්ට් එක මේ ෆිල්ම් එක ගැන කියන්න පුළුවන් හැම අඩුපාඩුවක්ම වහනවා. තාත්තෙක් කියන්නේ මොන තරම් දරාගැනීමක් ද කියන එක සේතුපතිගේ හැම ඉරියව්වකින්ම පෙනුනා කිව්වොත් වැරදි නැහැ.

මේක බලලා ඉවර වෙලා තාම මම ඉන්නේ ශොක් එකක. කෑ ගහලා අඬන්න ඕනේ උනත් එක කදුලක්වත් පිට නොවෙන මට්ටමට සේතුපතිගේ "තාත්තා" චරිතය මාව ගල් කරා.
ඒ කොහොම වෙතත් "සේතුපතිගේ මහාරාජා" චරිතය මගේ All time favorite list එකෙන් අයින් වෙන එකක් නෑ. මේක බලන්න. අඬන්න බලාගෙන බලන්න. හැබැයි සේතුපතිගේ ඇක්ට් එක ඒකට ඉඩ දෙන එකක් නෑ.
 
ශාෂින්ක විදුසර විසිනි.

Back to top
Go to bottom

Popular News